යහ පාලනයටත් ප්‍රගීත් අමතක වූ තැන-පොල්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව රාජපක්ෂ රෙජීමය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර අදට(18 ) දින 2000ක් සම්පූර්ණ වෙයි. මේ හේතුවෙන් අද මෝදර කාලි කෝවිලේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ ගේ මූලිකත්වයෙන් විරදම් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණි.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්ව දින 2000ක් ගත වුවද මේදක්වා ඔහුට සිදුවුයේ කුමක්දැයි අනාවරණය නොවීය. මේ හේතුවෙන් අද දින මහා කාලි මෑනියන්ට විරදම් පූජාවක් පවත්වා සන්ධ්‍යා මහත්මිය ඉල්ලා සිටියේ මීට දින 2000 පෙර උදුරා ගත් තම සැමියාට නිදහස ලබා දෙන ලෙසයි.ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්කරවූ,නීතිය අවහිර කළ රාජපක්ෂලාට දඩුවම් ලබාදෙන ලෙසයි.

අතුරුදන් කරවීම මානව වර්ගයාට එරෙහිව සිදු කරන අපරාධයකි.මෙම අතුරුදන් කරවීමට එරෙහිවීම සහ ඔවුන්ව දඩුවමට යටත් කරවීම අවශ්‍යම දෙයකි.මේ හේතුවෙන් ප්‍රගීත් එක්නැලිගොඩ මහතාට සහ සියලු අතුරුදන්වූවන්ට නිදහස,සත්‍ය හා යුක්තිය පතා මෙම විරදම් අධිෂ්ඨාන පූජාව පැවැත්වීය.

කෙසේ වූවද රෙජීමය පෙරළා දැමූවද, ප්‍රගීත්ලාගේ කර මතින් බලයට ආ ‘යහපාලන ‘ආණ්ඩුවද මේ වන විට ප්‍රගීත්ව සොයා දීම අමතක කර තිබේ.egneligoda_10 egneligoda_9 egneligoda_1

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.