යහ පාලනයේ තැරව්කාරයෝ හාල් වෙළෙඳපල අරක් ගනිති…………..

paddy-seedsතමන් රජයේ වී ගබඩාවලින් වී මිලදී ගන්නේ තමන්ගේම සේවකයින් 07 දෙනෙකු තැරැව්කරුවන් ලෙස යොදාගෙන බවත් ගබඩාවලින් වී මිලදී ගැනීම සඳහා ඔවුන් 07 දෙනාටම බලපත්‍ර ලබා දී ඇති බවත් ජනාධිපති සොහොයුරු මෙන්ම මහාපරිමාණ වී මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසන්නේ පසුගියදා කුඩා හා මධ්‍යපරිමාන මෝල් හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ එම සභාපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

රජයේ ගබඩාවලින් වී මිලදී ගැනීම සඳහා බලපත් ලබා දී ඇත්තේ වී මෝල් හිමියන්ටම පමණක් බවත් තමන් වී මෝල් හිමියන්ට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට එම බලපත් ලබා දී ඇත්නම් ඔප්පු කරන ලෙසත් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණි.

එයට පිළිතුරු දෙමින් මහාපරිමාණ වී මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය අනුව පැහැදිළි වන්නේ වී අලෙවි මණ්ඩලය විසින් වී මෝල් හිමියන්ට පමණක් නොව තැරැව්කරුවන්ටද එම බලපත්‍ර ලබා දී ඇති බවය.
වී මෝල් හිමිකාරිත්වයක් නැති, තැරැව්කරුවන්ට වී මිලදී ගැනීමට බලපත්‍ර ලබා දී ඇත්තේ වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා කොමිස් කුට්ටියකට යට වීම නිසා බව කුඩා හා මධ්‍යපරිමාන මෝල් හිමියන් සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව අතරතුරදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දැඩිව ප්‍රකාශ කර සිටියේ ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.