යහ පාලන දොරටුව විවර වුනා පමණි-මෛත්‍රී

 

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතීඥ හා අධ්‍යාපනඥයින්ගේ සංගමයෙන් ලැබුණු ඇමෙරිකා ඩොලර් 5000 ක මුදල (රුපියල් හය ලක්ෂ හැට හය දහස් හත්සිය පනහක්) රාජපක්ෂ රෙජීමය විසින් අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා වෙනුවෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට පිරිනැමීම අද සිදුකෙරිණ.

දෙස් විදෙස් විනිශ්චයකාරවරුන්ගේ සහ නීතීඥවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ අලුත්කඩේ මිහිඳු මාවතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මූලස්ථානයේ දී පැවැති චාම් උත්සවයකදී මෙම පරිත්‍යාගය සිදුකළ අතර එය සිදුකරන ලද්දේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ අද යහපාලනයක් ඇති වී ඇතැයි යම් යම් අය කීවත් තමන්ට ඊට සම්පූර්ණයෙන් එකඟ විය නොහැකි බවයි. ඔහු කීවේ අද සිදුව ඇත්තේ යහපාලනය සඳහා දොරටු විවෘත වීම පමණක් බවයි. යහපාලනය සඳහා තව බොහෝ දෑ ඉටු කළ යුතුයැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරටත් පැවසීය.

“පසුගිය කාලයේ මාධ්‍යවේදීන්ගේ ලේ ගලන කොට කඳුලු හැලෙන කොට අපට නීතිඥවරු හැටියට කර කියා ගන්න දෙයක් නැති වුනා. නමුත් අපි ඒ අය වෙනුවෙන් හඬ නැගුවා. අද ගොරවලා හෙණ ගහලා වැස්සක් වැහැලා පෑව්වා වාගේ තත්ත්වයක් තිබෙනවා. එපමණකින් සෑහෙන්න බෑ. වෙච්ච වැරදි වලට උත්තරයක් සොයන්නට තිබෙනවා. ඒ උත්තරය තමයි මේ රටේ යුක්තිය නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නැගූ ඒ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා මෙහිදී පැවසීය.

 

[vsw id=”/VNlWrWomhvY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.