යහ පාලන පෙරමුණ රනිල් සමඟ

arjunarරාජිත සේනාරත්න, එම් කේ ඩී එස් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක සහ අර්ජුන රණතුංග මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි කියයි.

මහින්ද රාජපක්ෂ මහතාට සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට විරෝධය දක්වමින් එම පිරිස පෙරමුණක් ලෙස තරග කිරීමට අපේක්ෂා කරන බව ද පැවසේ.

ඉදිරි මහ මැතිවරණයේ දී ගන්නා ක්‍රියාමාර්ග ගැන විශේෂ සාකච්ඡාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් සිකුරාදා රාත්‍රී කොළඹ නගරාධිපති ඒ එච් එම් මුසම්මිල් මහතාගේ නිවසේ දී පැවැති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට දායක වූ අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග සනාථ කොට සිටී.

සාකච්ඡා සාර්ථකයි

ranilarjuna

දූෂණ, වංචා චෝදනා ලැබූවන් සමඟ එක්ව තරඟ කිරීම සිය කණ්ඩායම තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් ජනවාරි 8 වැනිදා ජයග්‍රහණය රැක ගැනීම උදෙසා මෙම පෙරමුණ පිහිටුවා ගත් බව පැවසූ අමාත්‍යවරයා, නව පෙරමුණට නාම යෝජනා ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බවත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව සෙනසුරාදා හෝ ඉරිදා වනවිට පෙරමුණ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි අර්ජුන රණතුංග කියා සිටින්නේ.

නව වාතාවරණය හේතුවෙන් නාමයෝජනා පත්‍ර බාරදීම සඳුදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර තිබේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීම සහ මහ මැතිවරණය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබන සඳුදා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.