යළිත් රැවටුන ෆොන්සේකා මන්ත්‍රී අසුන ඉල්ලා උසාවි යයි

තමන්ට අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය යළි ලබාගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්‌වී එම මන්ත්‍රී ධුරය තමාට දෙන බවට කලින් පොරොන්දු වුවත් දැන් එය කඩකරමින් සිටින බවත් එහෙත් මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඔහු ඉදිරියේ දනින් වැටීමට තමා සූදානම් නැති බවත් එම පක්‍ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කීය.

ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධුරය නැවත ලබාදීමට ප්‍රසිද්ධියේ පොරොන්දු වූ බව කී ඒ මහතා දැන් එය මඟහරින්නේ කුමන හේතුවක්‌ නිසාදැයි තමා නොදන්නා බව ද අපි පත්කරපු ආණ්‌ඩුවේ කුහක ඇමැතිවරුන් කිහිපදෙනකු ඉන්නා බවත් ඔවුන් ද තමාට මන්ත්‍රී ධුරය හිමිවීම වැළැක්‌වීමට උපදෙස්‌ දෙන බවට දැනගන්නට ලැබී ඇති බවත් කියා සිටියේය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.