යාපනයේ උසාවියට ගල් ගැසුවන්ට සමාව නැහැ-ජනාධිපති යාපනයේදී

150526141134_maithri_meets_vidya_parents_512x288_bbc

ප්‍රකෝපකාරී පිරිස් අධිකරණ භූමිය ඉදිරියේ හැසිරුණු ආකාරය සහ අධිකරණ ගොඩනැගිල්ලට පහර දීම කෙසේවත් අනුමත කළ නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයාපනයේ සංචාරයක යෙදුන ජනාධිපති සිරිසේන මහතා පවසා තිබේ.

150526120152_maithri_jaffna_visit_512x288_bbc

සමූහ දූෂණයට ලක් කොට පාසල් දැරිය මරා දැමීමේ සිදුවීමත් සමග ඇති වූ නොසන්සුන්තාව පිළිබඳ සොයා බැලීම සඳහා යාපනයේ හදිසි සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා සිසුවියගේ ඥාතීන් මුණ ගැසී කනගාටුව ප්‍රකාශ කර සිටි බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන්.

ජනාධිපතිවරයා යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී පැවති රැස්වීමකට සහභාගී වෙමින් කියා සිටියේ පාසල් සිසුවියගේ ඝාතනය දැඩි ලෙස හෙළාදකින බවත්, යාපනය දිස්ත්‍රික්කයේ එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලාගත යුතු බවත්ය. සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවා කඩිනම් නඩු විභාගයක් පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි ජනපති මාධ්‍ය අංශය සදහන් කර සිටියේය.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා , නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරී යන අයද මෙම අවස්ථාවටසහභාගී වූහ.

 

 

 

 

150526120454_jaffna_students_512x288_bbc

යාපනයේ පාසල් දාහතක් නියෝජනය කරමින් සිසුවියන් දෙසීයකගේ පමණ සහභාගීත්වයෙන් වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ සිසුවිය ඝාතනය කළ අපරාධකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.