යාපනයේ මන්දිරය මන්දිරයක් නොවේ-මහින්ද

පසුගිය රජය සමයේ යාපනයේ ඉදිකළේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවක් බවත් එය මන්දිරයක් නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

6f37918316c428e83362ed5eebb78719_Lඋතුරු ප්‍රදේශයේ සංචාරයක නිරතවන විදෙස් තාන්ත්‍රිකයින්ට අවශ්‍ය සම්මන්ත්‍රණ ශාලා පහසුකම් මෙම ශාලාව තුළ ස්ථාපිත කර ඇති බවත් උතුරු නැගෙනහිර සංචාරයක නිරත වන විදෙස් තාන්ත්‍රිකයින්ට නවාතැන් ගැනීමට පහසුකම්ද මෙම සම්මන්ත්‍රණ ශාලාව තුළ ස්ථාපිත කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

එම සියලු නවීන පහසුකම් සහිත මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිකිරීමට කැබිනට් අනුමැතියද හිමි වූ බවත් එය ජනාධිපති මන්දිරයක් බවට ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු නොකරන ලෙසත් එම නිවේදනයේ දැක්වේ.

 

[vsw id=”/CVXISqgxr5I” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

කෙසේවෙතත් යාපනය, කන්කසන්තුරේ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති එම ජනාධිපති මන්දිරය, පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වූ බව මාධ්‍ය වාර්තා කළේය.

එම ඉදිකිරිම් සදහා මේ වන විට වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 250ක් බවද වාර්තා විය.

නිකුත් කළ නිවේදනයෙන්

මෙකි මධ්‍යස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති සෙසු සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වලින් වෙනස් වන්නේ ඒවායේ නවාතැන් පහසුකම්  ද සපයා තිබීමෙනි. මේ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථාන ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණි. මෙවැනි ආයතන ඉදි කිරීම ජනාධිපති මන්දිර සඳහා සිදු කරන නාස්තිකාර වියදමක් හැටියට හුවා දැක්විම පසුගිය වකවානුව පුරාම මට එරෙහිව පැවති අවලාද ව්‍යාපාරයේ කොටසක් බව කිව යුතුය

 

එහෙත් උතුරේ යුද්ධය නිසා නිවාස අහිමි වූ එකදු පුද්ගලයකු වෙනුවෙන් හෝ නිවාසයක් තනා දීමට මහින්ද රාජපක්ෂ පාලනය අසමත් විය.අනෙක් අතට මේ පිළිබඳව ප්‍රමාණවත් හෙලිදරව්වක් කිරීමට උතුරු පළාත් සභාව හෝ දෙමළ කතිකා සන්ධානයත් අපොහොසත් වී ඇත.

 

 

 

යාපනයේ ජනතා මන්දිර

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.