යාපනයේ ”ශාන්ති පුර” ජාතික සංහිදියා ගම්මානයේ වැසියන්ට නිවෙස් ඉදි කොට නොදීමට එරෙහිව විරෝධතාවයක

Navatkuli Voiceයාපනයේ නාවක්කුලි පළාතේ ඉදි කළ ”ශාන්ති පුර” ජාතික සංහිදියා ගම්මානයේ වැසියන්ගේ නිවෙස් ඉදි කොට නොදීමට එරෙහිව ඔවුන් මාර්තු 03 දා විරෝධතාවයක් දියත් කළහ.

ඔවුන් කියා සිටින්නේ නව නිවාස ඉදි කිරීම පිණිස මුල්ගල් තැබීමටත් අත්තිවාරම් කැපීමටත් ඔවුන් පදිංචිව සිටි තාවකාලික පැල්පත් ඉවත් කොට මාස දෙකක් ගත වී ඇතත් නව නිවාස ඉදි නොවීම නිසා ඔවුන්ට සිය පැල්පතුත්,නන නිවාසත් යන දෙකම අහිමි වූ බවයි.

යාපනය නාවක්කුලි සංහිදියා ගම්මානයේ සිංහල,දෙමළ හා මුස්ලිම් පවුල් හාරසීයකට වඩා ජීවත් වන අතර නව නිවාස ඉදි කිරීමට මුල් ගල් තැබීම මිස නිවාස ඉදිකර ගැනීමට කිසිදු මුදලක් ලබා නොදුන් බවයි.

මේ පිළිබදව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යාපනය දිස්ත්‍රික් කලමනාකරු එස්.රවීන්ද්‍රන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නව නිවාස ඉදිකිරීමට මෙතෙක් මුදල් වෙන්කොට ලබාදී නොමැති බවයි.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.