යාපනය විරෝධතා කරුවන් ඉලංගයෙි තමිල් අරිසු කච්චි නායකයාව එළවා ගනී

Illankai Tamil Arasu Kachchi
ඡායාරූප අනුග්‍රහය – රමේෂ් මධුශංක

යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරයක ධීවරයන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඊයේ (11) යාපනයේ ධීවර ප්‍රජාව විසින් දියත් කර තිබූ විරෝධතාවය නැරඹීමට පැමිණි ඉලංගෙයි තමිල් අරිසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තුමන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාව විරෝධකරුවන් විසින් පන්නා ගෙන තිබේ.

රජය සමග ඉතා කිට්ටුවෙන් එම පක්ෂය කටයුතු කරද්දීත් තම ධීවර ගැටලු විසදීමට කල් මරණ බව සඳහන් කරමින් මෙසේ එළවාගෙන තිබේ.

තම ප්‍රශ්න විසඳීමට කාලය හැකිතාක් ලබා දී ඇති මුත් ගැටළු විසදීමට දෙමළ ජාතික සන්ධානය හා ඒ යටතේ ක්‍රියාත්මක වන ඉලංගෙයි තමිල් අරිසු කච්චි පක්ෂය පියවර නොගන්නා බවද විරෝධතා කරුවන් එහිදී මැසිවිලි නැගූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.