ගේට්ටු සියල්ලම වසා දමා යාපනය විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවේ……….

yapanaya-1දිනසේන රතුගමගේ

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුලු වියහැකි සියලුම ගේට්ටු වසා දමා 31 දා විරෝධතා ව්‍යාපාරයක් අරම්භ කොට තිබේ. යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පවසන්නේ පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ සිසුන් දෙදෙනා වෙණුවෙන් මෙතෙක් සධාරණයක් ඉෂ්ඨ වී නොමති බවයි.

මේ ද්විත්ව ශිෂ්‍ය ඝාතනයන් සම්බන්ධයෙන්පැවැත්වෙන පොලිස් පරීක්ෂණ ඉතා ඇල්මැරුණු ස්වරූපයකින් පවතින බවත් විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් එකොළහෙන් කිසිදු ඉල්ලීමක් මෙතෙක් ඉටු වී නොමැති නිසා මෙම විරෝධතාවය ආරම්භ කළ බවද ඔවුන් කියා සිටියා.yapanaya-2

විශ්ව විද්‍යාලයේ ගේට්ටු සියල්ලම වසා දමා තිබෙන බැවින් කිසිවෙකුටත් විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වීමට නොහැකි වී ඇති අතර දේශන කිසිවක් ක්‍රියාත්මක  කිරීමටද නොහැකි වී තිබේ. ගේට්ටුවලට ඉදිරිපිට සිට සිසුන් කැකෝ ගසමින් සිය විරෝධතාවය පවත්වා ගෙන යමින් සිටින බව යාපනය් විශ්ව විද්‍යාලයේ සිසුහු කියා සිටියහ.yapanaya-3

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.