යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වවුනියාවේදී විරෝධතාවයක

යුද සමයේදී පුද්ගලයින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දෙසැම්බර් 30 වෙනිදා (ඊයේ ) දහවල් විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාකරුවන් කියා සිටියේ යුදසමයේදී අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරණ බවට පොරොන්දු වෙමින් වත්මන් රජය බලයට පත්වූවත් අවම වශයෙන් අතුරුදහන්වූවන්ගේ නාමලේඛණයක් ප්‍රකාශයට පත් කිරීමටවත් මේ රජය කටයුතු කොට නොමැති බවයි.

යුදසමයේදී පුද්ගලයින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මේ වන විට දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටියද කිසිදු රජයක් ඔවුන්ට සහනයක් සැලසීමට ඉදිරිපත් නොවූ බවද විරෝධතාවයේ නිරත පිරිස කියා සිටියහ.

ලබන වසරේ ජනවාරි මස 21 වෙනිදාට පෙර මේ අතුරුදහන් පුද්ගලයින් සම්බන්ධයෙන් රජය යම් සාධාරණයක් ඉටුනොකළහොත් තම සංවිධානය වවුනියාව නගරය මැද මාරාන්තික උපවාසයක් දියත් කරණ බව අතුරුදහන්වූවන්ගේ ඥාතී සංගමය විරෝධතාවයෙන් අනතුරුව කියා සිටියහ.

විරෝධතාවයෙන් පසුව වවුනියාවේ කන්දසාමී කෝවිලට එක්වූ පිරිස දෙවියන් ඉදිරියේ කන්නලවු කොට තමන්ගේ අතුරුදහන්වූ පිරිස වෙණුවෙන් සාධාරණයක් ලබාදෙන මෙන් අයැද සිටියහ.
දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.