යුද හමුදාවේ ‘අපරාධ‘ සිදුවන්නට ඇති – බැසිල්

basil-rajapaksaබැසිල් රාජපක්ෂ විසින් ඔවුන්ගේ පාලන කාලයේ දී යුද හමුදාවේ පුද්ගලයන් විසින් ‘අපරාධ‘ සිදුවන්නට ඇති බව කියා සිටී. ඔහු මෙම පිළිගැනීම කරන ලද්දේ පසුගිය සතියේ තම නව දේශපාලන පක්ෂයේ සංවිධාන කටයුතු උතුරේ ආරම්භ කරමින් කරන ලද සංචාරය අවසානයේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී පසුගියදා සරත් ෆොන්සේකා විසින් යුද්දයෙන් පසුවත් හමුදාවේ සිටි රාජපක්ෂලාගේ යුද හමුදා නායකයන් විසින් යුද අපරාධ සිදුකරන ලදැයිද අවශ්‍ය වුවහොත් තමා ඒ පිලිබඳ සාක්කි දීමට සූදානම් කියාද කරන ලද ප්‍රකාශය පිලිබඳව ජනමාධ්‍ය වේදියෙකු බැසිල්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී පිළිතුරු ලෙස ඔහු තතනමින් මේ බව කියා සිටියේ ය.

“මට මේ කාරණය ගැන ප්‍රකාශයක් කරන්න වුවමනාවක් නෑ. ඒත් අපේ හමුදාව යුද අපරාධ කළැයි මා සිතන්නේ නෑ. නමුත් හමුදාවේ යම් යම් පුද්ගලයන් කරන්නට ඇති. ඒවා ‘යුද අපරාධ‘ නොවේ. නමුත් අපිට ඒවා ‘අපරාධ‘ යැයි කියන්න පුළුවන්. ඒවා මෑතකදී උතුරේ අධිකරණය විසින් තීන්දු කරන ලද ප්‍රසිද්ධ අපරාධය හා සමානයි. එම අවස්ථාවේ ආරක්ෂක හමුදාවන්ට නායකත්වය දුන් පුද්ගලයා එවැනි ප්‍රකාශ නොකළ යුතුයි. මම හිතන්නේ ඒවා වගකිව යුතු වචන නොවෙයි. මට මේ ගැන වැඩිපුර කතා කරන්න අවශ්‍ය නෑ, මන්ද ඒවා විවේචනය කරන්න හෝ අනුමත කරන්න හෝ තරම් අවබෝධයක් මට නෑ.“

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.