යුනිෆෝම් එක දාලා යන්න සුදානම් OIC

Lowහරියට වැඩකරලා යුනිෆෝම් එක දාලා යන්න වුණොත් ඒ එස්පී තිලකරත්න මහතා ද මා සමග සිටින බව පැවසූ නිසා තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දුන් වැරදි උපදෙස් ක්‍රියාත්මක නොකළ බව කහවත්ත පොලීසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත්‍රී මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද(4) සාක්කි දෙමින් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්විමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරිම සහ තවත් දෙදෙනෙකුට මරණිය තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වු නඩු විභාගයේ දී ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.