යුරෝපා මාළු තහනම ඉවත් කරවා ගැනීමට ලංකාවේ උපන් යුරෝපා මන්ත්‍රී මැදිහත් වෙයි

නිරන්ජන් දේවාදිත්‍ය
නිරන්ජන් දේවාදිත්‍ය

නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා කොමිසම එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටුවීමට ගත්  තීරණය වෙනස් කරවා ගැනීමට මංගල සමරවීර විදේශ ඇමතිවරයා ලබන සතියේ බ්‍රසල්ස් බලා යෑමට නියමිතය.

මේ පිළිබඳව ශ්‍රීලංකාව වෙනුවෙන් යුරෝපා සංගමය හැ කථා භට මැදිහත් වීම සඳහා ශ්‍රී ලංකාවේ උපන් යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී නිරන්ජන් දේවාදිත්‍ය ගේ සහය ඉල්ලා ඇත.

ද ශ්‍රී ලංකාව දිගින් දිගටම එම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට නිසි පියවරක් නොගත් බැවින්  මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට  යුරෝපා කොමිසම තෙරන්ය කල අතර නව ප්‍රමිතීන් පැහැදිලි කරන හදිසි පනතක් ගෙන් ඒමට අගමැති වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාව ඇතුළු බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවලට යුරෝපා කොමිසම විසින් මීට පෙරාතුව මසුන් ඇල්ලීමේදී නීති විරෝධී ක්‍රම භාවිතා නොකරන ලෙස උපදෙස් ලබාදී තිබුණු අතර එසේ නොකරන්නේ නම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි.මේ පිළිබඳව කටයුතු කල යුතුව තිබුනේ හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නයි.

එබැවින් බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවල් යුරෝපා කොමිසමේ උපදෙස් මත නිෂ්පාදන ප්‍රමිති ආරක්ෂා කිරීමට පියවර ගත් බැවින් එකී රටවල පනවන්නට නියමිතව පැවති වාරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.

 ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම පසුගිය ජනවාරි 15 වනදා සිට අත්හිටවූ අතර ඒ තුළින් මෙරටට වසරකට ඩොලර් මිලියන 200 ක පමණ ආදායමක් අහිමි වීමේ අවධානමක් තිබේ.

මීට අමතරව, මෙම තහනම ඉතාමත් ඉක්මනින් ඉවත් කර ගැනීමට සමත් නොවන්නේ නම් මෙරට තිබෙන මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් වලින් සියයට 90 ක්ම වැසීයාමේ තර්ජනයක්ද ඇත.

මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන මත්ස්‍ය නිෂ්පාදන අපනයන සංගමයේ ප්‍රකාශක, චන්න වීරතුංග මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

.

[vsw id=”/gxMtB9A8lo4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.