යේමනයේ මරුවා හා වාසේ

අපිව බේරගෙන ආවේ ත්‍රස්තවාදී සංවිධානයේ රියැදුරෙක්
යේමනයෙන් දිවි ගලවාගෙන ආ අහමඩ්

 

 

අල්ඛයිඩා ත්‍රස්තවාදීන් හා හුදී ත්‍රස්තවාදීන් එක්ව වෙඩි තබමින් මිනිසුන් මරා දමනවා. ලංකාවේ කාව හරි යේමනයේදී එසේ වෙඩි තබා මරා දැමුවහොත් යේමනයේ ලංකා තානාපති කාර්යාලයක්වත් නැහැ.
අප පලා ආ වාහනයේ රියැදුරා හරි පුදුම මිනිහෙක්. වෙන කෙනෙක් සමග ආවානම් අල්ඛයිඩා ත්‍රස්තයින්ගෙන් අපට වෙඩි පහරවල් තමයි උරුම වෙන්නේ.
“අපව බේරාගෙන ඇවිත් තිබෙන්නෙත් ත්‍රස්තවාදී සංවිධානයට අයත් රියැදුරෙක් බව අප ද පසුව දැනගත්තා යැයි යේමනයේ දැනට පවතින යුද වාතාවරණයෙන් දිවිබේරාගෙන දිවයිනට පැමිණි අත්තනගල්ල, කහටෝවිට, ඕගොඩ‍පොල පදිංචි අහමඩ් රිෂාඩ් අහමඩ් රිනව්ස් (37) අය අපට පැවැසීය.
ඔහු දරු දෙදෙනකුගේ පියෙකි. ඔහු දිවයිනට පැමිණියේ පසුගිය 08දායි.
අහමඩ් 2014 වසරේ සිට යේමනයේ අල්බසාර් නමැති ආයතනයේ සේවය කළ අයෙකි. එම රටේ දේශපාලන අර්බුද හේතූන් නිසා අල්ඛයිඩා ත්‍රස්තවාදීන්ගේ හුදී ගරිල්ලා ප්‍රහාර නිතර සිදුවන බව ඔහු පවසයි.
අප නැවතී සිටියේ උකල්ලා නගරයේයි. හුදී ගරිල්ලන් මුලදී එම පළාතේ සිටියේ නැහැ. අල්ඛයිඩා ත්‍රස්තයින්ද සිටියේ නැහැ.
ඉරානයේ සහය අරගෙනයි මෙම ප්‍රහාර සිදු කරන්නේ. ත්‍රස්තවාදී නායක බිල්ලාඩ්න්ගේ මවගේ ගම වූ හතරමව් ප්‍රදේශයටත් මෙම ගරිල්ලා ප්‍රහාර එල්ල වුණා. මාරිබ් නගරයටත් අල්ඛයිඩා ත්‍රස්තයින් පහර දුන්නා.
ඒ ප්‍රහාර වලින් උකල්ලා නගරයට බලපෑමක් සිදුවුණේ නැහැ.
මම යේමනයට රැකියාවට ගොස් මාසයක් පමණ ගතවන විට අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාරයකින් යේමනයේ හමුදාවේ 36 දෙනෙකු මරා දැමුවා.
අපට ඒ අවස්ථාවේ රැකියා ස්ථානයෙන් වැටුප් සහිත නිවාඩු ලැබුණා. උකල්ලා නගරයේ යේමන හමුදා කඳවුරු 3ක් තිබුණ නිසා ඒවාට ප්‍රහාර දෙයි කියා අප සිතා සිටියා.
අල්ඛයිඩා සහ හුදී ගරිල්ලන් හැරුණුවිට ඔවුන් සිටි මුකල්ලා බුවේස්වල වෙනත් මංකොල්ල කණ්ඩායමකුත් සිටින බවද ඔහු පවසයි.
පසුගිය දෙසැම්බර් මාසයේ යේමනයේ සානා අගනුවරින් හුති ගරිල්ලන් ප්‍රහාර ආරම්භ කළා.
ලංකාවෙන් රැකියාවට ගොස් සිටි වැඩි පිරිසක් සිටින්නේ සානාවල බවද අහමඩ් කියයි.
හුදේධා නගරයෙන් ලංකාවෙන් ගිය 9 දෙනෙක් සිටියා. ඔවුන්ද සැඟවී තමයි සිටියේ.

 

136489d8a88cc29f581d6ee12a4b9773_L
මේ අතර පසුගිය බදාදා අල්ඛයිඩා ගරිල්ලන් හදිස්සියේම උකල්ලා නගරය ආක්‍රමණය කළා. හුදේදාවල සිටි අපේ අය 9 දෙනෙක් ගරිල්ලන්ට කොටු වුණා.
පසුගිය බ්‍රහස්පතින්දා අල්ඛයිඩා ත්‍රස්තයන් කල්ලාල්වලට පහර දුන්නා. මුකල්ලා නගරයට ගිනි තැබුවා. වාහන ගිනි තබමින් මිනිසුන්ට වෙඩි තබා මරා දැම්මා. යේමන් හමුදා කඳවුරට පහර දුන්නා. අප කාමරවලට වෙලා සිටියා. අප සේවය කරන ආයතනයෙන් අපට ආරක්ෂාව දුන්නත් අප පණ බයේ සිටියේ අපව මරා දමාවි කියා. යේමනයේ තානාපති කාර්යාලයකුත් නැහැ. අපේ දුක කාට කියන්නද. සවුදි ලංකා ඇම්බසියට යන්න කිලෝමීටර් 800ක් විතර දුර තිබෙනවා. ඒ පාරේ යන එන අයට අල්ඛයිඩා සාමාජිකයින් වෙඩි තබා මරා දමනවා.
මුකල්ලා නගරයේ කඩවල් වසා දමා පාළුවට ගිහින්. ඒ සිද්ධිය වුණේ පසුගිය 2දා. යේමනයේ හමුදාවේ අය හමුවුණොත් ගරිල්ලන් ඔවුන්ගේ බෙල්ල කපා මරා දමනවා.
එදා හිටි ගමන් හතර වටින් යේමන් හමුදාව පහර දෙන්න පටන් ගත්තා. අප කාමරවලටත් වෙලා මර බයේ ගුලි ගැසී සිටියා. මමයි අසංකයි නිශාන්තයි අල්විසුයි සැඟවීමට වෙනත් තැනකට දිව යන විට ඒ ආසන්නයේ බැංකුවක් කඩනවා අපි දුටුවා.
අපට වෙන කරන්න දෙයක් නැහැ. අපි සෞදි තානාපති මොහොමඩ් සලීම් මහතාට දුරකථනයෙන් කතා කර ලංකාවට යන්න ලිපි ‍ලේඛන දෙන්න කියලා ඉල්ලා සිටියා.
අප බැංකුවට මුදල් ගන්න වාහනයකින් යන විට එම බැංකුවට ගරිල්ලන් පහරදෙනවා අප දුටුවා. අප ගිය වාහනේ රියැදුරා එය බලන්න ඉස්සරහට ගිය විට ගරිල්ලන් ඔහුට වෙඩි තිබ්බා. ඔහු ‍ලේ පෙරාගෙන කෑ ගසාගෙන අප දෙසට දිව ආවා. ඔහු තුවාල තිබියදීම ‍ලේ පෙරාගෙන වාහනය පදවාගෙන අපි හිටපු තැනට ගෙනත් දැම්මා. ඔහුට පසුව මොනවා වුණාදැයි දන්නේ නැතැයි අහමඩ් දිගු සුසුමක් හෙළමින් අපට පැවැසීය. මීට පසු අපේ ආයතනයෙන් වාහනයක් එවා තිබුණා. රහස් මාර්ගයකින් ෂෙයාර්වලට යන්න එතැන සිට ෂෙයාර්වලට කිලෝ මීටර් 800ක් පමණ තිබෙනවා. අපට එවා තිබූ වාහනය පිකප් වර්ගයේ එකක්. එය රියැදුරාට අපේ ආයතනය විසින් ලබාදී තිබුණා. රහස් මාර්ගයක් සැලැස්මක් සමග.
ඒ රියැදුරා මට මෙහෙම කිව්වා. මේ පාරේ ගියොත් අප හැමෝටම මැරුම් කන්නයි වෙන්නේ. අපි අල්ඛයිඩා ගහන පාරෙන්ම යමු. මම ඔයාලා ගැන වග කියන්නම් කීවා. ඒත් අප මහත් බියට පත්වුණා. කළහැකි දෙයක් නැති තැන අප මරණය අතේ තියාගෙන ගමන පිටත් වුණා.
ඒ මාර්ගයේ සෑම තැනම මුරක‍පොලු මොන සංවිධානයේද කියා දන්නේ නැහැ. ඒත් මුරක‍පොලු අසලත් එන වාහන නවත්වා වෙඩි තබා මරා දමා තිබුණා. අප දුටුවා.
අපේ පුදුම වෙලාවක් අපි රැගෙන එන වාහනේ රියැදුරා අල්ඛයිඩා ගරිල්ලන් සිටින තැන්වලදී වාහනයේ ‍පොඩි ලයිට් එක දමනවා. එවිට ගරිල්ලන් අත වනා ඕ.කේ.කියනවා. ඇතැම් මාර්ග බාධකවල අපේ වාහනය නැවැත්වූයේ නැහැ. අපේ තිබුණ සියලුම වටින බඩුු භාණ්ඩ කාමරයේ දමා හිස් අතින් තමයි එළියට බැස්සේ. ඒ ජීවිතයත් මරණයත් අතර ගමනක්. මා නම් සිතුවේ මේ රියැදුරු අපව රැගෙන යන්නේ අපව මරා දමන්න කියා. මට බිරිඳ දරුවන් මතක් වුණා. මම දෙවියන්ට යාච්ඥා කළා. අපි රියැදුරුගෙන් ඇසුවා. අපිව කොහෙද මේ අරගෙන යන්නේ කියා. ඔහු කීවා ඔයාලා බය වෙන්න එපා. මම නුඹලාට වග කියනවා. අනතුරක් වන්නේ නැහැ කියා ඔහු අපේ සිත් සැනසුවා.අපි සොරෙන්ම රියැදුරාගේ ඡායාරූපයක් ගත්තා. ඔහු නිශ්ශබ්දව ඉතා වේගයෙන් රිය පදවා ගෙන ගියා. අපි දෙවියන්ට ආයාචනා කළා. අපේ ජීවිත බේරාදෙන්න කියා.
හදිස්සියේ එක තැනක අල්ඛයිඩා ගරිල්ලන්ගේ මාර්ග බාධකයක් ළඟ නැවැත්තුවා. එතැන තිබුණේ වධකාගාරයක්. එහි මිනිසුන් රඳවා තිබෙනු අප දුටුවා. රියැදුරා ගරිල්ලන්ට කීවා. මෙතැන ලංකාවේ 5 දෙනෙක් ඉන්නවා කියා. ඔහු කතා කළේ අරාබි භාෂාවෙන් මා අරාබි භාෂාව දන්නවා. ඒ නිසා රියැදුරා ගරිල්ලන් සමග කළ සාකච්ඡාව මට තේරුම් ගියා. ගරිල්ලන් කීවා හරි ඕ.කේ. කියා. අපි ලංකාවටත් එනවා හොදේ ආවාට කමක් නැහැ නේද කියා ගරිල්ලන් අපෙන් ඇසුවා. මමත් මරණ බයෙන් ඕකේ කියා කීවා. මා සිතුවේ එතැනින් අපේ ගමන ඉවරයි කියලයි. අපට තේරුම් ගියා රියැදුරා ගරිල්ලන් සමග සම්බන්ධතා පවත්වන අයෙකු බව අපට ඔහුම කීවා අපි ළඟ ගොඩාක් සල්ලි නැහැ. තියෙන සල්ලි ප්‍රමාණය දෙන්නම්. අපිට
ෂෙහාර්වලින් බස්සන්න කියා. රියැදුරා කිව්වා උඹලා භය වෙන්න එපා උඹලාගේ ජීවිත බේරාගෙන මම දැන් අවසන් තැනට ආවා කියා.
ඔහු කීවා උඹලාගේ අතේ තියෙන රියාල් මට දීපල්ලා. උඹලාට ඔය කොළ කෑලිවලින් දැන් වැඩක් නැහැ. උඹලට ඕවායින් වටිනාකමක් නැහැ කියා. අපි අප ළඟ තිබුණ මුදල් ඔහුට දුන්නා. ඔහු අපව සෞදි මායිම ළඟින් බස්සවා ආපසු පිටත්ව ගියා.එතැනින් පසුව අප සෞදි තානාපති මොහොමඩ් සලීම් මහතා හමුවුණා. ඔහු අපට ඔහුගේ පෞද්ගලික මුදලින් ගුවන් ටිකට් පත් ලබා දී රියාල් 100 බැගින් අප පස්දෙනාට මුදල් ලබා දුන්නා. පසුව ස්ලාල් නගරයේ හෝටලයකට රැගෙන ගියා. එතැනදී අපට ආහාර ලබාදුන්නා. එතැන තිබෙන ලංකාවේ අයගේ සංවිධානයක් එහිදී අපට මුදල් ලබා දුන්නා. අප ඒ මුදල්වලින් සලාල්වල සිට මස්කට්වලට ගුවනින් ආවා.
ඊට පසු අපි පසුගිය ඉරිදා මස්කට් ගුවන්තොටු‍පොළින් දිවයිනට ළඟා වුණා යැයි අහමඩ් මහතා තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් අප සමග පැවැසුවේය.

ආරියපාල වීදාගම – කේ.අයි.වික්‍රමසිංහ -ගම්පහ අධිකරණ

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.