යෝෂිතට නාවිකයෙන් නික්මෙන්න අනුමැතිය නැහැ

download (91)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපියක් භාර දී  ඇතත් ඊට මේ තාක් අනුමැතිය ලැබී නැති බවබව වාර්තා වේ.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා පවසන පරිදි  පසුගිය 09 වන දින එම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර තිබේ.

නමුත් මේ දක්වා ඊට නාවික හමුදාපතිවරයාගෙන් අනුමැතියදී නැති බවයි පැවසෙන්නේ.

සාමාන්‍යයෙන් නියමිත කාලයට පෙර හමුදා නිලධාරියෙක් ඉවත්ව යන්නේ නම් සාධාරණ හේතු ඉදිරිපත් කල යුතු අතර ඉන් පසු එය හමුදාපතිත් රටේ ජනාධිපතිවරයාත් අනුමත කල පසු වන්දි මුදලක්ද ගෙවීම කල යුතුව ඇත.

අවශ්‍ය නම්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සේනාධිනයකයා ලෙස යෝෂිත රාජපක්ෂව සේවයෙන් නිදහස් කර් ගත හැකිව තිබුනත් බලයේ ස්ටියදී එවැන්නක්  කලා නම් එය මැතිවරණ ප්‍රචාරණයට බලපෑමට ඉඩ තිබින.

images (55)

ප්‍රශ්න කෙරෙමින්

නාවික හමුදාවේ විධායක අංශයේ ආධුනික ලූතිනන් වරයෙකු වශයෙන් බැඳීමට අවශ්‍ය අවම අධ්‍යාපනික සුදුසුකම් ලෙස අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ ලබා තිබිය යුතු විය. එහෙත් එම අධ්‍යාපනික සුදුසුකම 2006/ 07 වර්ෂය සඳහා  හිටපු සේනාධි නායක මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයකින් වනස් කොට ඇති බව තතු දෑත ආරංචි මාර්ග කියා සිටිති.

මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියකු වශයෙන් පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබා දීමේදී  2006/07 වසර සඳහා මෙම අති විශිෂ්ට සුදුසුකම ලබාගත්තේ අනුරාධපුරයේ දුප්පත් පවුලක ආධුනිකයෙක් නොතකා හැර  යෝෂිත රාජපක්ෂට  බි‍්‍රතාන්‍ය ශිෂ්‍යත්ව ලබා දුන් ආකාරයත් එම පාඨමාලා හැදෑරීමේදී දැක්වූ  සමර්ථතථාව ප්‍රශ්න කෙරෙමින් පවතී.

යෝෂිත රාජපක්ෂ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්’ (CSN)  සමාගම්  වැඩකටයුතු වල සම්බන්ධ බව වාරතා වී ඇත.

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.