යෝෂිතට එරෙහි පැමිණිල්ලක්

 

 

 

 

3. Pix

යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීම, බ්‍රිතාන්‍යයේ ඩාට්මත් ආයතනයෙහි පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, රජයේ නිලකටයුතු සහ දේශපාලන කටයුතවලට මැදිහත්වීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙම පැමිණිල්ල හෙට සිදු කිරීමට නියමිතය. අද පැවති මාධ්‍ය සකච්ඡාවකදී එම පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.

 

 

hirrrun

නාමල් රාජපක්ෂ

 

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයවීමේ සම්පූර්ණ වගකීම බැසිල් රාජපක්ෂ මහතාට පවරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කරලියට ගෙනඒමේ සැලැස්මක ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අනාවරණය වේ.

රාජපක්ෂ පවුලේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණයේ ක්‍රියාකාරී වැඩකොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා සිදු කරමින් සිටියදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එයට එරෙහිව ක්‍රියාත්මක වෙමින් ජාතික මැතිවරණ මෙහෙයුම ඔහුයටතට ගැනීමට උත්සාහ කළ බවය. මේ සම්බන්ධයෙන් බැසිල් සහ නාමල් අතර ඇතිබූ ගැටීමෙන් පසු බැසිල් රාජපක්ෂ එම කටයුතුවලින් ඉවත්වී සිටි බව වාර්තා වේ.

පරාජයෙන් පසුව මහින්ද නාමල් දෙදෙනා පරාජයේ වගකීමෙන් සම්පූර්ණයෙන් ඉවත් කර සියලු වගකීම බැසිල් රාජපක්ෂ මහතා වෙත පවරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අනාගත දේශපාලන ගමන්මග ස්ථාවර කරමින් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට උත්සාහකරමින් සිටින බව වාර්තා වේ.

විමල් වීරවංස, උදය ගම්මන්පිල වැනි අය මේ වනවිටද ප්‍රසිද්ධියේ බැසිල් රාජපක්ෂට දෝශාරෝපනය කරමින් සිටින අතර ඉදිරියේදී බෞද්ධ භික්ෂුවක් ප්‍රමුඛ කොට ගත් සංවිධානාත්මක පිරිසක් විසින් මෙම චෝදනාව බැසිල් රාජපක්ෂ මහතාට එල්ල කිරීමට සැලසුම් කර ඇති බව හෙළි විය.

 

 

YoshithaLetter1_600px_15_01_26

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.