යෝෂිත ට හා කුමාර් ගුණරත්නම් ට නීතිය වෙනස් ඇයි-නිර්මාල්

යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට නොගෙන කුමාර් ගුණරත්නම් පස්සෙ පන්නන්නෙ ඇයිචෝදනා එල්ල වී ඇති යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට නොගෙන කුමාර් ගුණරත්නම්ව අල්ලන්න හදන එක ලොකු ප‍්‍රශ්නයක් යයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.‘පසුගිය කාලයේ යෝෂිත ගැන ප‍්‍රශ්නය කතා කළා. ඔහු දැන් නාවික හමුදාවෙන් පැන ගියපු කෙනෙක්. ඔහුට නිදැල්ලේ කටයුතු කරන්න ඉඩකඩ දීලා තියෙනවා. ඒ වගේ වහාම අත්අඩංගුවට ගත හැකි පිරිස් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා.

නමුත් ප‍්‍රශ්නය තියෙන්නේ කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් ඒ ප‍්‍රවේශය අනුගමනය නොකෙරෙන්නේ ඇයි කියන එක. පැහැදිලි ලෙස දඩුවම් කළ යුතු පිරිස්වලට නෛතික නොවන ආකාරයේ රැකවරණය ලබා දෙන අතරේ මෙවැනි මගහැරිය නොහැකි තත්ත්වයන්ට පත්වූ අය සම්බන්ධයෙන් ඊට වඩා වෙනත් ප‍්‍රවේශයක් අනුගමනය කිරීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නෙවෙයි’ යයිද ඒ මහතා කියා සිටියේය.

 

DSCN3036

 

සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කැර අතුරුදන් කිරීම් හා පැහැර ගැනීම් ගැන පරීක්ෂණ පවත්වන ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ අයිතීය රකින ලෙසත් පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක‍්‍රියාධරයෝ හීතලේ ගැහි ගැහී  පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළහ.

ජර්කින්,අත්මේස් හා හිස් වැසුම් පැළැඳ ඔවුන් දෙපැයක් පැරීසියේ එළිමහනට වී උද්ඝෝෂණය පවත්වද්දී  පැරීසියේ උෂ්ණත්වය සෘණ එකට බැස තිබිණි.

සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයෝ රැසක් ඊට සහභාගි වුහ. උද්ඝෝෂණයෙන් අනතුරුව පැරීසියේ විවිධ සංවිධාන ක්‍රියාකාරීහු  ශ්‍රී ලංකා ජනපතිට යොමු කිරීම සඳහා වන පෙත්සමක්ද අත්සන් කළහ.එළියට බහින්නට බැරි දැඩි සීතල විඳ දරා ගනිමින් තම නායකයාගේ අයිතීය වෙනුවෙන් ඔවුහු මේ කැපවීම කළහ

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.