යෝෂිත රට ගියේ කොහොමද?

d86e7d0a112da436a3802868a9e0fb94_L

 

 

2015 ජනවාරි 25 වැනි දින නාවික හමුදාවේ ලූතිනන් යෝෂිත රාජපක්‍ෂට එරෙහිව කරුණු 13 ක් යටතේ ගොනු කළ චෝදනා සඳහා නාවික හමුදාපතිවරයා නිසි විමර්ශනයක් සිදුකරන බව පැවසුවත් කැඳවනු ලැබූ කිසිදු දිනක එම කමිටුව හමුවේ සාක්‍ෂි දීමට ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ සහභාගී වී නැති බව බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස හා බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නීතිඥ සුනිල් වටගල විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කළ ලිපියකින් දැක්වේ.

චෝදනා විමර්ශනයට නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බව වාර්තා වී තිබූ බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

මෙසේ විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී සහ අදාල පුද්ගලයා තවම චූදිතයකුව සිටියදී පෙබරවාරි 09 සහ 15 අතර කාලය තුළ පෞද්ගලික සංචාරයක් සඳහා ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ රුසියාවට ගොස් ඇතැයි දැන ගැනීමට ලැබුණු අතර එය බලවත් වරදක් බවද ඔවුන් පෙන්වා දෙයි.

ඔහුගේ පෞද්ගලික සංචාර සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ සහ නාවික හමුදාපතිවරයාගේ අනුමැතිය ලැබුණු බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත පවසා තිබූ බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

නාවික හමුදාවේ මෙන්ම සාමාන්‍ය රාජ්‍ය සේවයේ ක‍්‍රමවේදය  අනුව මෙවන් පෞද්ගලික සංචාරයක් සඳහා මාස 3කට ප‍්‍රථම ඉල්ලූම් කළ යුතුව ඇති තත්ත්වයක හමුදා නිලධාරියෙකුට එරෙහිව විමර්ශනයක් පැවැත්වෙමින් තිබියදී ඔහුට නිවාඩු අනුමත කිරීම බලවත් වරදක් බව බැලූ බැල්මට පෙනෙන බවත් පෙන්වා දෙයි.

වෙනත් හමුදා නිලධාරීන්ට නැති වරප‍්‍රසාදයක් ලූතිනන් යෝෂිත රාජපක්‍ෂට ලැබුණේ ඔහු හිටපු ජනාධිපතිවරයාගේ පුත‍්‍රයා නිසා දැයි වගකිව යුත්තන් විසින් රටට පැහැදිළි කළ යුතුව ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.

 

නාමල් රාජපක්ෂ ප්‍රතිචාරය

 

[vsw id=”/c9TmufxogdU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.