යෝෂිත සහ රෝහිතට රග්බිත් තහනම්?

Rohitha-Rajapaksa1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්‍ෂ සහ රෝහිත රාජපක්‍ෂ දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාව සහ යුද හමුදාවේ රග්බි ක්‍රීඩා කටයුතු වලින් ඉවත් කරන ලෙසට ඉහළින් නියෝගයක්‌ ලැබී ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ නාවික හමුදා රග්බි කණ්‌ඩායමේ නායකයා ලෙසින්ද, බාල පුත් රෝහිත රාජපක්‍ෂ යුද හමුදා කණ්‌ඩායමේ නායකයා ලෙසින්ද කටයුතු කරන ලද අතර වාර්තා වන අන්දමට ඔවුන්ට අදාළ නායකත්වයන් පමණක්‌ නොව, එම හමුදාවන්ට අනුබද්ධිත සියලුම රග්බි ක්‍රීඩා කටයුතු වාරණයකට ලක්‌ව තිබේ.

RUGGER

දේශපාලන බල පෙරළිය හේතුවෙන් රග්බි ක්‍රීඩාවේ ප්‍රබල යෙදීමක්‌ තිබුණු, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන් ක්‍රීඩාවෙන් ඈත්වෙමින් සිටීම මත දැන් ක්‍රියාත්මක ‘ඒ ‘ කාණ්‌ඩයේ රග්බි ලීග් තරගාවලියද දැඩි අර්බුදයකට ලක්‌ව තිබේ. අදාළ නාවික සහ යුද හමුදා රග්බි කණ්‌ඩායම් වල සිටින විදෙස්‌ ක්‍රීඩකයන්ද කණ්‌ඩායම් හැර යැමට සූදානමින් සිටින බව වාර්තා වන අතර එම කණ්‌ඩායම්වල කොන්ත්‍රාත්ගතව ක්‍රීඩා කළ දේශීය ක්‍රීඩකයන්ද එම තීරණයේම සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී නාවික සහ යුද හමුදා රග්බි කණ්‌ඩායම් දෙකෙහි තරග ශක්‌තියට දැවැන්ත බලපෑමක්‌ එල්ල වන ලකුණු පෙනෙන්නට තිබේ.

117

ඉදිරිපත් වූ පෞද්ගලික සමාගම්

අදාළ කණ්‌ඩායම් දෙකෙහිම µSජි සහ නවසීලන්ත ජාතික විදෙස්‌ ක්‍රීඩකයන් 6 දෙනෙකු බැගින් ක්‍රීඩා කරන ලදී. එම ක්‍රීඩකයෙකුට මාසික ගෙවීමට ඇමරිකානු ඩොලර් 3000ක්‌ පමණ විය. ඒ අනුව එක්‌ කණ්‌ඩායමක විදෙස්‌ ක්‍රීඩකයන්ගේ ගෙවීම් කටයුතු සඳහා මසකට රුපියල් ලක්‍ෂ 24ක්‌ පමණ වැයවී තිබේ. මෙම වියදම දරනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතුන්ගේ සම්බන්ධීකරණය මත ඉදිරිපත් වූ පෞද්ගලික සමාගම් විසිනි. මේ වන විට එම සමාගම් සිය අනුග්‍රාහකත්වයන් නවතා ඇති අතර එම විදේශික ක්‍රීඩකයන් සඳහා වියදම් තනිව දරාගැනීමට නාවික සහ යුද හමුදාවට නොහැකි වන තත්ත්වයක්‌ උද්ගතවී ඇති බවත් අදාළ දීමනාවෙන් අඩක්‌ පමණක්‌ ගෙවිය හැකි බව කණ්‌ඩායම් බලධාරීන් දැනුම් දී ඇතත් එම ක්‍රීඩකයන් එයට එකඟතාව පළ කර නොමැති බවත් නිල නොවන ආරංචි මාර්ග සැලකරයි.

ලීග් තරගාවලිය අවසන් වීමට සති 3ක පමණ කාලයක්‌ ඉතිරිව තිබියදී මෙවැනි තත්ත්වයක්‌ උද්ගතවීම පසුපස ප්‍රබල රග්බි කණ්‌ඩායමක වගකීම දරන එක්‌සත් ජාතික පක්‍ෂ දේශපාලනඥයකු සිටින බවට

වයක්‌ පැතිර යන අතර ඉකුත් සමයේ ඔහුගේ කණ්‌ඩායමෙන් ගිළිහුණු රග්බි ආධිපත්‍යය තරගයකින් තොරව නැවත ලබාගැනීමේ සැලසුමක්‌ ලෙසින්ද ඇතමෙක්‌ විසින් මෙය අර්ථ දක්‌වනු ලබයි.

rugb225

මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී යෝෂිත රාජපක්‍ෂ සහ රෝහිත රාජපක්‍ෂගේ ක්‍රීඩා කිරීම ගැන අවසන් තීරණයක්‌ තවම රැගෙන නොමැති නමුත් අද පැවැත්වෙන තරගයේදී යුද හමුදාව වෙනුවෙන් රෝහිත රාජපක්‍ෂ ක්‍රීඩා නොකිරීම ස්‌ථිර යෑයි පවසන ලදි.

මේ වන විට නාවික හමුදා කණ්‌ඩායම් ‘ඒ ‘ කාණ්‌ඩයේ ලීග් තරගාවලියේ දෙවැනි තැනත්, යුද හමුදා කණ්‌ඩායම එහි 5වැනි තැනත් රැඳී සිටියි. දැන් ක්‍රියාත්මක ලීග් රග්බි තරගාවලියෙන් මේ වන විටද හම්බන්තොට ෂාර්ක්‌ සහ සී.එච් ඇන්ඩ් එ.සී කණ්‌ඩායම් ඉවත්ව ඇත.-දිවයින

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.