රංජන් රඟපානවද ඔයා

ranjanදිවුලපිටිය ප්‍රාදේශිය සම්බන්ධිකරණ රැස්වීමේදී සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අතර ඇතිවූ උණුසුම් වාග් හුවමාරුව දෙදෙනාම වාසිය තකා කරගත් මාධ්‍ය සංදර්ශනයකි.

චෝදනා බරපතලය එහෙත් ගාලගෝට්ටිය අවසානයේදී  ශාලාවේ සිටි වැඩි දෙනා   පිටව ගොස් තිබූ අතර සැලසුම් අධ්‍යක්ෂිකා ආශා සිරිවර්ධන  මහත්මිය රැස්වීමේ කටයුතු අවසන් බවට නිවේදනය කළාය. මේ ෂෝ වලටඅපිට වේලාවක් නැහැ යැයි පැවසූ නිලධාරීහු පිටව හියහ.

මෝඩයා, පිස්සා මාධ්‍ය සංදර්ණ විතරයි, නපුංසකයා, මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා  ආදි වචනද දෙපක්ෂය අතර හුවමාරු වීමත් සමග  පොලිසිය හා මන්ත්‍රී ආරක්ෂකයින් මෙන්ම පළාත් සභා මන්ත්‍රී චන්දන ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහත්වරුන්ද දෙදෙනා දෙපසට කිරීමට මහත් වෙහෙසක් ගත්හ. ජනතා අරමුදලින් නඩත්තු වන ආයතනයක් තුළදී හැසිරෙන ආකාරය පිළිබඳව රනිල් වීක්‍රමසිංහ අගමැතිවරයා රන්ජන්ට කන පුරා දුන්නේ මෑතකදීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.