රංජන් හෙල්පින් රාජපක්ෂ සමග අල්ලස් කොමිසමට

 

RanjanR_360px_12_12_22

 

වසර 2004 සුනාමි අරමුදල්වලින් කෝටි 8200 ක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්කෘතික හා සමාජසේවා පදනමට බැර කළැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද (24) අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.

සුනාමියදා ගාල්ලේදී සුනාමියට අසුවූ තරුණියකගෙන් මාලය කඩාගත් තැනැත්තාත්, සුනාමි ආධාර වංචාකළ ප්‍රභූවරුනුත් අතර වෙනසක් නැතැයිද එකම වෙනස එම තැනැත්තා හිරබත් කෑමත් සෙසු අය එළියේ සිටීමත් යැයි ඔහු කීවේය.

මේ අතරවාරේ මීගමුව නගරයේ මත් කුඩු බෙදා හැරීම ගැන රංජන් රාමනායක චෝදනා  කළ ලන්සා පළාත් සභා මන්ත්‍රීවරයා  වත්තල ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත් කොට ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට වැඩි වශයෙන් ආධාර ලැබෙන්නේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගෙනි. මේ පදනම දෙදරවා ලීම සඳහා සිරිසේන මහතා කටයුතු කරමින් සිතන බවක් දක්නට ලැබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන 04ක් සදහා නව ආසන සංවිධායකවරුන් 05දෙනෙකුට පත්වීම් ලිපි භාරදීම අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු වූ අතර ඉදිරියේදී තවත් පත්වීම් වටයක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා බිංගිරිය ආසනයේ ශ්‍රි ලංකා නිදහස්   පක්ෂ සංවිධායකවරයා ලෙසත්, අම්පාර නගරාධිපති ඉන්දික නලින් ජයවික්‍රම මහතා අම්පාර (දකුණ) ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසත් පත් කර තිබේ.

මේ අතර දැදිගම ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස සබරගමුව පළාත් සභා මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතාත් වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සිරි විජේතුංග මහතාත් පත් කර ඇත.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.