රජයේ තීරණ කි‍්‍රයාත්මක වීමේ දෝෂයක් තියෙනවා – රනිල් වික‍්‍රමසිංහ

ranil-wickramasinghe-eපුංචි ඡුන්දයේ සන්නිවේදන බලකාය මෙහෙයවීම රනිල් පවරා ඇත්තේ වජිර අබේවර්ධන වෙතය. ව්‍යවස්ථා සංශෝධනයට අදාල පුවත් හා වෙනත් ජනමාධ්‍ය හැසිරීම පිළිබඳව කලකිරී සිටින මෛතී‍්‍රත් රනිලූත් වජිරට පැවසුවේ පුංචි ඡුන්දයේදී ව්‍යවස්ථාව පිළිබඳ මහජනතාවට කරුණු පැහැදිල කර දෙන ලෙසය. එජාප ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධනට හිමි ලංකාදීපය ආණ්ඩුවට එලව එලවා පහර දීමෙන් රුවන් එජාප දේශපාලනයෙන් ඉවත් වී මහින්දට එකතුවීමට තිබෙන ඉඩකඩක් පිළබඳවද ඉඟි පලවෙමින් පවතී.

මේ අතර අනුර පි‍්‍රයදර්ශන යාපා බඩු මිල ගැන රනිල් හා මෛතී‍්‍ර දැනුවත් කර තිබේ. බඩු කොපමණ අඩු කලත් එම වාසිය ජනතාවට අත් නොවන්නේ රජය අප‍්‍රසාදයට පත් කිරීමේ විශේෂ බලවේගයක් කි‍්‍රයාත්මක වන නිසා බව ඇමතිවරුන්ගේ අදහස වී තිබේ. රජයේ තීරණ කි‍්‍රයාත්මකවීමේ දෝෂයක්ද පවතින බව ඒ මොහොතේ අගමැති රනිල් පවසා තිබේ. අඩු මිලට බඩු දුන්නට සතොසට බෑ රටේ බඩු මිල පාලනය කරන්න යනුවෙන් ඇමතිවරුන් කිහිපපලක්ම පවසා තිබීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් මේ රටේ බඩු මිල පාලනය කල නොහැකි බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.