රජයේ වෛද්‍ය නිලධාරින් මස් රාත්තලම ඉල්ලති

nevil-hospitalනෙවිල් ප්‍රනාන්දු රෝහල සැබෑ ලෙසම රජයට පවරා ගත්තේද යන්න ගැටලුවක්‌ බවත් එය පවරා ගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රශ්නකාරී බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. තවදුරටත් විරෝධතාවක යෙදුනහොත් රෝගීන් ගෙන් ගුටිකෑමට නියමිතව සිටියදී අගමැති වික්‍රමසිංහ සමඟ ඇතිකරගත් රහස් එකඟතාවකින් අනතුරුව තම විරෝධය අකුලාගත් රජයේ වෛද්‍ය නිලධාරින් මේ නගන්නේ හීන් කෙඳිරියක් බව එහි සිටි මාධ්‍යවේදියෙක් පැවසීය.

රෝහල රජයට පවරා ගත් පසුත් එහි ණය ගෙවන්නේ නෙ රජයේ වෛද්‍ය නිලධාරින්ගේවිල් ප්‍රනාන්දු මහතාම නම් පාලක මණ්‌ඩලයේ සභාපතිවරයාත් එතුමාම නම් එහි තීන්දු ගන්නේ ඔහුම නම් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තේ කෙසේදැයි යන්න නොතේරෙන බව නවීන් සොයිසා ප්‍රශ්න කරයි.

එහි සේවකයින්ට සිදු වන්නේ කුමක්‌ද? වෛද්‍යවරුන් බඳවා ගන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව පැවසූ හෙතෙම මෙමගින් සිදුව ඇත්තේ වංචනික ආයතනයට අවශ්‍ය පරිදි සහ වෛද්‍ය සභාව පිළිනොගත් ආයතනයකට රෝගීන් ලබා ගැනීමට හැකිවීම පමණක්‌ යෑයිද පැවැසීය. අනෙක් අතට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ සම්බන්ධව පැවැත්වෙන සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව නවීන් සොයිසා කියා සිටී. සයිටම් සටනේ අවසානය එම සාකච්ඡා අනුව සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. දැන් මතුවෙන ප්‍රශ්නය වන්නේ මේ අය කථා කරන්නේ කොතනින්ද යන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.