රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකඩ වේ

doctorsශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ. එහි මහා සභා රැස්වීම අද (19) දහවල් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ. ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.

මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීවේය

වෘත්තීය අයිතිවාසිකම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් වසර දෙකක පමණ කාලයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා කලකිරීමට පත් වෛද්‍යවරුන් විශාල පිරිසක් තම සංගමය සමඟ එක්ව සිටින බව ද ඔහු පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය. මේ සංගමයේ සාමාජිකත්වය විශාල වුවහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඒකාධිකාරී බලය අහෝසි වනු ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙකඩ වේ

  • July 19, 2017 at 6:53 pm
    Permalink

    Nikamata ahanne dan oke kochcharak withara doctorsla innawada. Adu gaane 100k wath.

    Reply

Leave a Reply

Your email address will not be published.