රජීව විජේසිංහ ඉල්ලා අස්වෙලාද?

wije

 

 

පැවති තත්ත්වය සම්බන්ධයෙන් තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කළ බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රජිව් විජේසිංහ මහතා පවසයි.

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට  පවතින ආරාංචි මාර්ග සම්බන්ධයෙන්  මහාචාර්යය රජිව් විජේසිංහ මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

එසේම  තමන් නොසිටි මොහොතක උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය කබීර් හෂීම් මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ  සභාපතිවරියට අණදීම සම්බන්ධයෙන්   මෙලෙස තමා දැඩි කණස්සල්ලට පත්වන බවද ඔහු සඳහන් කර සිටියේය.

තවද  විශාල පිරිසක් පවසන ආකාරයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය පසුගිය කාලයේදී ඇමතිවරයාට හා ජනාධිපතිවරයාට යටත්ව වැඩ කර බවට  දෝෂාරෝපණය කරන්නේ නම්  අපත් බලපෑම් වලට යටත් නොවී වැඩ  කළ යුතු බව ඒ මහතා පැවසුවේය.

එසේම අප කළ යුත්තේ යමිකිසි පුද්ගලයෙකුට කුමක් හෝ  චෝදනාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්  පරීක්ෂණයක් කළ යුතු බවද  මහාචාර්ය රජිව් විජේසිංහ මහතා  සඳහන් කළේය.

නමුත් ගරු ජනාධිපතිවරයාගේ නම විකුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමසමේ සභාපතිවරියට ඉල්ලා අස්වීමට කියන්නේ නම් එය සම්පුර්ණයෙන් වැරදී සහගත ක්‍රියාවක් බව ඒ මහතා වැඩිදුරටත් අද දෙරණය සඳහන් කළේය. කෙසේ වෙතත් මේ පිළිබඳව කබීර් හෂීම් අමත්‍යවරයා ප්‍රතිචාර දක්වා නොමැති අතර මේ පිළිබඳව  ජනාධිපතිවරයාට ලිපියක් ලීවේ

නම් ඊට පිළිතුරු ලබාදීමට පෙර ඒ ගැන හෙළිදරව් කළේ ඇයිද යන ප්‍රශ්නය මතුවේ.

[vsw id=”/7vYwbGMu8b8″ source=”youtube” width=”425″ height=”344″ autoplay=”no”]

 

Has state minister Rajiva wijesinha resigned ?

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.