රජෙක් නොව සේවකයෙක් වෙමි-නව ජනපති පත්තිරිප්පුවේ සිට

 si

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.

නීතිය, යහපාලනය, සදාචාරය, යහ පාලනයක් සඳහා විධායක ජනපති බලයේ අසීමිතික බලතල ඉවත්කර ස්වාධීන කොමිසන් සභා පත් කරන බවද ජනපති ප්‍රකාශ කළේය.

ආගමික හා ජාතික සමගිය ඇති කරන බවද ජනපති කීවේය.

‘‘අපේ රටට ඕනෑ රජෙක් නොව සැබෑ මිනිසෙක්. මම ප්‍රධාන සේවකයා. මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයි‘‘

නව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ.

 

පොදු මහජනතාව, රටේ අනාගත සංවර්ධනය, හෙට උපදින දරුවන් වෙනුවෙන් සදාචාර සම්පන්න යහපාලනයෙන්, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගනවා.

විධායක ජනාධිපති සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවටත්, කැබිනට් මණ්ඩලයටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් පවරනවා.

විදේශයන්හි සේවය කරන ගෘහ සේවිකාවන් ප්‍රමුඛ සියලු දෙනාගේ ආර්ථිකය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.

දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ඉන් අනතුරුවත් රට වෙනුවෙන් ක්‍රියා කිරීමට කැප වෙනවා.

මෙය මා තරඟ කරන අවසාන ජනාධිපතිවරණයයි.

සාමකාමීව, සන්සුන්ව කටයුතු කරන්න. සාමය ඇතිකිරීමට පොලිසියට උපදෙස් දුන්නා.

මනුෂ්‍යත්වයෙන් පිරි ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීමට කැප වෙමි.

 

[vsw id=”/atRs_xkaqt8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.