රටම සුමනෙට ණයයි

 

 

sumanadasa_abegunawardhana

 

 

 

‘පසුගිය සමයේ විවිධ දේශපාලඥයන් මගෙන් ණයට වැඩකරවා ගත්තා. ඒවාට තවම මුදල් ගෙව්වේ නෑ. ඒ ගොල්ලො මට ණයයි’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙතිෂ්‍ය උපදේශක සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

එසේම ඒ මහතා දේශපාලඥයන්ට සේවය කිරීම සම්බන්ධයෙන් මහත් කළකිරීමට පත්ව ඇති බවත් මාධ්‍යට ප්‍රකාශ කර තිබුනි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ‘ මම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කරනවා’ යනුවෙනි.

ජ්‍යෙතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ ජ්‍යෙතිෂ්‍ය මගපෙන්වීම අනුව හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබූ අතර ඔහුව නැවත ජනාධිපතිවරයා බවට පත්වීම නියත වශයෙන් සිදුවන බව පැවසීම විශ්වාස කරමින් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඔහුව පරාජයට පත්විය.

මේ පුවත ඇසු මාධ්‍යවේදියෙක් කියා සිටියේ දේශපාලකයින් පමණක් නොව මුළු රටම සුමනදාස මහතාට ණය ගැති  බවයි.

‘ සුමනදාස ලොක්කා මහින්ද මහත්තයාට දීපු උපදෙස නොවන්නට තාමත් අපිට කකුල් දෙක වේව්ල තමයි ටෙලිෆෝන්  කරන්න වෙන්නේ ඒ හන්දා ඒ දීපු උපදෙසට මල් තියලා වැන්දත් මදි’යැයි මේ මාධ්‍යවේදියා පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.