රතන හිමි ඩබල් ගේමක

rathana-theroරතන හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ජාතික සභාවේ සමාරම්භක සම්මේලනය එදින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අතර එහිදී කතා කළ ඒ හිමියෝ උතුරු පළාතට පොලිස් හා ඉඩම් බලතල දිය යුතු යැයි පැවැසූහ.
ගැටළුව වන්නේ රතන හිම්යන්ට මේ ටික ආණ්ඩුව ඇතුළත හිඳගෙන කියන්නට බැරි මන්ද යන්නයි.

මේ දුර්වල දේශපාලන මෙහයුමක් නොවේද? රනිල් පරාජිතයෙක් බව රතන හිමි පවසති එසේ නම් ජයග්‍රහකයා කවුරුන්ද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වූ එම රැස්වීමේදී වැඩිදුරටත් කතා කළ රතන හිමියන් දැන් යුද්ධය අවසාන වී ඇති නිසා දෙමළ ජනතාවට සිවිල් පරිපාලනය සමඟ පොලිස් හමුදාවක් ද දිය යුතු බවත් සොරකම් හා සුළු අපරාධ මැඬලීමේ යෙදෙන එම පොලිස් හමුදාව ආයුධ සන්නද්ධ හමුදාවක් විය යුතු නැති බවත් පවසා තිබිණි. යටත් විජිතවාදී කාකි නිල ඇඳුම හැඳ අධි ආරක්ෂිත කලාපවල සේවය කරන පොලිස් නිලධාරියකු වෙනුවට සුදු නිල ඇඳුමක් හැඳගත් නිරායුධ පොලිස් නිලධාරියකු සේවයේ යෙදවිය හැකි යැයිද රතන හිමියන් ප්‍රකාශ කළ බව ජනමාධ්‍ය වාර්තාවලින් කියවිණි.

මේ සියළු ප්‍රකාශ වල යටිපෙළ අරුත දේශපාලන වශයෙන් හිරවී සිටින සිරිසේන පාර්ශවය ගලවා ගැනීම නොවේද?
වාර්ගික ගින්දර සමඟ තවදුරටත් සෙල්ලම් කරන්නේ නැතුව කෙළින් වැඩ කිරීමේ කාලය උදාවී ඇත. පොලිස් හා ඉඩම් බලතල පළාත්වලට ලබාදිය යුතු යැයිද නොදිය යුතුයැයිද බොහෝ දෙනා දීර්ඝ කාලයක සිට විටින් විට කරුණු ඉදිරිපත් කළද ඇත්ත වශයෙන්ම මෙම බලතල නීතිමය වශයෙන් පළාත් සභාවලට පවරා මේ වනවිට වසර 29ක් ගත වී ඇත. ඒ 1987 මතභේදකාරී ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම වසරේම සම්මත කර ගන්නා ලද එතරම්ම මතභේදකාරී වූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි.

එම බලතල පළාත් සභාවලට පාවිච්චි කිරීමට නොහැකි වී ඇත්තේ සම්මත වූ නීතිය අනුව ජනාධිපතිවරයා පළාත් පොලිස් කොට්ඨාසයක් හා පළාත් ඉඩම් කොමිෂන් සභා පත් කිරීමේ ගැසට් නිවේදන පළ නොකිරීම නිසාය. එහෙයින් රතන හිමියන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අලුතින් නීති සම්මත කළ යුතු නැත. රතන හිමියන් සද්භාවයෙන් ක්‍රියාත්මක වන්නේ නම් දැන් කළ යුත්තේ ගැසට් නිවේදනය නිකුත් කරවා ගැනීමයි එහෙත් එම ගැසට් නිවේදන නිකුත් කරන්නට මෙතෙක් සිටි කිසිදු ජනාධිපතිවරයකු ඉදිරිපත් වී නැත. එසේ නම් මේ සිරිසේන ජනාධිපතිවරයා ගේ වාරයයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.