රත්නපුරෙන් තව අලියෙක් මතුවෙයි

photo0461
රත්නපුර පලාවෙල වේරගම කන්දේ බටගාලක  ගොව්වකු සමඟ සිටි බව කියන ඇත් පැටවකු  අල්ලා ගැනීමට හැකි වී ඇත.

 

උඩවලව ඇත් අතුරු සෙවනට බාර දෙන්නට නියෝග කළ මහේස්ත්‍රාත්  ඇත් ගොව්වාද පැටවා රැක බලා ගැනීමට එහි යවන ලෙස දැන්වීය.

අවුරුදු අටක් පමණ වයසැති මෙම ඇත් පැටවා  රත්නපුර  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යද්දී  වේරගම පිරිසක්  ඇත් ගොව්වා බේරාගැනීම සඳහා පාරට කඩා පැන අලියා සිටි ලොරිය නවත්වා ඇතැයි ශ්‍රී පාද රක්ෂිත වනජීවී  කාර්යාලයයේ නිලධරයෝ අධිකරණය හමුවේ කියා සිටියහ.

සිකුරාදා (06) රාත්‍රී  9 ට පමණ  සිදු මේ සිද්ධියෙන් රත්නපුර නගරයේ කලබලයක්ද ඇති විය.පොලීසියද කැඳැවීමට සිදු විය.

වනජීවී නිලධාරී චමත් ලක්ෂාන් මහතා පැවසුයේ ඇත් පැටවාට නිසි බලපත්‍රයක් ඉදිරිපත් නොකළ බවයි.මෙම ඇත් පැටවාට ‘පණ්ඩුල‘ යනුවෙන් නමක් දී ඇති බවත්  තිස්සමහාරාමයේ  විහාරස්ථානයක සිටි බවත් වනජීවී නිලධරයෝ කියති.

තිස්සමහාරාමයේ හිමි නමක්  ලිපි ගොනුවක් ඉදිරිපත් කළ නමුත් එහි නිත්‍යනුකූල බලපත්‍රයක් නැතැයිද ඔවුහු  කියති.

කඳු මුදුනක සඟවා සිටි බව කියන ඇත් පැටවා පහළට ගැනීමද අමාරු කාර්යයක් වු බවත් ගොව්වා මුදා ගැනීමට පැමිණි  බව කියන පිරිස  පැටවා සිටි ලොරිය යටට රිංගා එහි ඇන ගැලවීමට උත්සාහා කළ බවත් ඔවුහු අධිකරණයට දන්වා සිටියහ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.