රතු වරෙන්තුවේ සිටි නාමල් ගේ ලේකම්වරියට ඇප

iresha-1අධිකරණය මගහරිමින් විදේශගත සැඟව සිටියදී රතු වරෙන්තු නිකුත් කර අබුඩාබි හිදී අත්අඩංගුවට ගත්, නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරියක් වන ඉරේෂා සිල්වා කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු කොන්දේසි සහිත ඇප මත මුදා හැර තිබේ.

ඇයට ඇප ලබාදීමට නිතිපතිවරයා විරුද්ධත්වයක් දක්වා නැති අතර ඒ හේතුවෙන් රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50ක් වටිනා ශරීර ඇප මත ඇය නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියෝග කර ඇත.

නඩුව 2017 පෙබරවාරි 16 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.