රදළියගොඩ රිමාන්ඩ්

 

chamila

බාලවයස්කාර දරුවෙකු යොදාගෙන මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීව සිටි සුධර්මන් රදළියගොඩ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ලබන 24 තෙක් රිමාන්ඩ් කරනු ලැබ තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසවන අන්දමින් විද්‍යුත් මාධ්‍ය දෙකක මෙලෙස සාවද්‍ය පුවතක් පළ කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

සුධර්මන් රදලියගොඩ මහතා අද (10) නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජනාධිපතිවරණය සමයේ දී එවකට පොදු අපේක්ෂකයාට අපහාස වන දැන්වීම ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාගේ නියෝගය මත පළ කළ බව එහි හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදළියගොඩ පවසයි.

මිට අදාලව ස්වාධීන රූපවාහිනි සේවයේ එවකට සභාපතිවරයාව සිටි අනුර සිරිවර්ධනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ද පොලිසියට නියම කළේය.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.