රන්ජන් හිරේ දාන්න යන නීතිඥ සංගමය ප්‍රශ්න කිරීමට පියවර

ranjanනීතිඥ සංගමය විශේෂ රැස්වීමක් පවත්වා උසාවියට අපහාස කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කොට ඇත. මෙහිදී රාමනායක මහතා තනි නොකළ යුතු බවට විශාල ජන මතයක් ගොඩ නැගෙමි පවතී. ලංඩනයේ සිට කථා කළ නීතිවේදී නාගානන්ද කොඩිතුවක්කු පවසුවේ අදහස් ප්‍රකාශනයට පුරවැසියන්ට පරම අයිතියක් තිබෙන බවයි.

නීතිවේදීන් ගෙන් සමහරක් දුෂිත බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ස්වාධීන විනය අධිකාරියක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි නාගානන්ද කොඩිතුවක්කු වැඩ්දුරටත් පැවසුවේ. ඉදිරි දින කීපය තුළ මාධ්‍යයවේදී සංවිධාන මෙන්ම පුරවැසි සංවිධාන රංජන් වෙනුවෙන් හඬ නැගීමට නියමිතය. රංජන් හට සහයෝගය පල කිරීමට ගත හැකි පියවර පිළිබඳව සිවිල්  සංවිධාන රැසක්ද පෙළ ගැසෙමින් සිටී.

මේ පිළිබඳව lankanewsline නීතිඥ සංගමයේ සභාපති යු ආර් ද සිල්වා ගෙන් විමසු විට දුෂිත නීති වේදීන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒවා සැපයීමට පියවර ගන්නැයි පැවසුවේය.

අතීතයේදී දුෂිත විනිසුරුවන් සහ නීතිවේදීන් පිළිබඳව තොරතුරු හෙළිදරව් වූ විට නීතිඥ සංගමය නිහඬව සිටියා නොවේදැයි විමසු විට ‘ඒවා පරණ කථා යැයි’ නීතිඥ සංගමයේ සභාපති යු ආර් ද සිල්වා පැවසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.