රන්භුමි සාමයේ ප්‍රර්ථනා සමගින් උතුරට

 

Big dark pink Lotus Flower photo

 

රන්භූමි රැළිය සිරස, ශක්ති , නිව්ස් ෆස්ට් මාධ්‍ය ජාලය, ජාතික තරුණසේවා සභාව සහ කොළඹ වරාය නගරයේ ඒකාබද්ධ වෑයමකි.

ජාතික සමගිය හා සංහිඳියාව සමග ගමින් ගම එක් කරමින් එය ඊයේ තලෙයිමන්නාරමින් ආරම්භ කර මඩු දක්වා පැමිණියේය.

සමගියේ හා සංහිඳියාවේ කඳිම පූර්වාදර්ශයක් වූ පුවරසන්කුලමේ ජනතාව අද උදෑසනින්ම රන්භූමි රැළිය සමග එක්විය.

එය පුවරසන්කුලම පාසල අසළින් ගමන් ඇරඹුවේ සර්ව ආගමික ආශිර්වාදය ලැබීමෙන් පසුවයි.

වෙඩි හඬට මැදිව දශක ගණනක් යටපත්ව තිබූ සහජ හැකියාවන් එහි දරුවන් අද ලොවට කියා පෑවේ මෙලෙසින් ය.

 

[vsw id=”/Tgh4gnXYizA” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

පුවරසන්කුලමේ සිට රැළිය ළඟා වූයේ වව්නියාව  නගරයටයි.

උතුර – දකුණ යාකරන සමගියේ හා සංහිඳියාවේ කදිම සන්ධිස්ථානයක් වූ වව්නියාව රන්භූමි පිලිගැනීමට මගබලමින් සිටියේය.

එහිදී රැළිය සංස්කෘතික අංගවලින් විචිත්‍රවත් විය.

රන්භූමියේ වව්නියාව සටහන් කරමින් රැළිය යළිත් ගමන් ඇරඹුවේ අද ගමනාන්තයවූ මාන්කුලමටයි.

පස්වරුවේ මාන්කුලම් නගරයට රන්භූමි රැළිය ළඟා වූයේ සංහිඳියාවේ නව බලාපොරොත්තු සමගිනි.

දශක ගණනක් පැවති අඳුරු මතක අමතක කර මාන්කුලම් වැසියන් සමගියේ හා සංහිඳියාවේ සතුට එහිදී රැළිය සමග බෙදා හදා ගත්තේය.

රන්භූමි රැළිය රටම රොද බැඳ ගනිමින් හෙට කිලිනොච්චිය, පුනරීන් හරහා යාපනයට ලඟාවනු ඇති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.