රනිල්ගේ සහ රවීගේ විශ්වාසභංග විවාදයට !

ranil wickමේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජුලි මස තුන්වැනි සතියේ දිනයක විවාද කිරීමට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (16) පැවැති පක්‍ෂනායක රැස්‌වීමේදී එකඟ වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය ජුලි 06 දා විවාද කිරීමටද සභානායකවරයා එකඟ වූ බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා පවසයි.

නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂනායක රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න යන මහත්වරුද පක්‍ෂ නායක රැස්‌වීම නියෝජනය කර ඇත.

කෙසේ වුවද මීට පෙර දැනුම්දී තිබුණේ මුදල් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය ජූලි මස 04 වැනිදා විවාදයට ගන්නා බවයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉතා ඉක්‌මනින් විවාද කිරීම සඳහා දිනයක්‌ නියම කළ යුතු බව විපක්‍ෂයේ මන්ත්‍රීවරුද ඉල්ලා ඇත.

එහෙත් ආණ්‌ඩුව වෙනුවෙන් සභානායකවරයා ප්‍රකාශ කර තිබෙන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීම සඳහා ජුලි මස තුන්වැනි සතියේ දිනයක්‌ ලබා දිය හැකි බවයි.

මේ පිළිබඳ ඉදිරියේදී යළිත් පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවා සාකච්ඡා කිරීමටද තීරණය වී ඇත.

 

Rate this item

(0 votes)

Comments

There are no comments posted yet.

Post a new comment

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!