රනිල්ලාගේ TNL නාලිකාව අත්හිටුවයි!

tnlඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සොයුරාට අයත්ව තිබූ ටෙල්ෂාන් මාධ්‍ය ජාලය විදුලි සංදේශන නියාමන කොමසම මගින් අත්හිටුවා තිබේ.

පොල්ගහවෙල රූපවාහිනී විකාශනාගාරයේ උපකරණ අධිකරණයෙන් ලබාගත් අවසරයක් මත අත්අඩංගුවට ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පොල්ගහවෙල රූපවාහිනී විකාශනාගාරය කොමිසමෙන් ලබා ගත යුතු වාර්ෂික බලපත්‍රය ලබා ගැනීමට ගාස්තු ගෙවා නැති බව විදුලි සංදේශ නියාමන කොමසම පැවසුවද සියළු මුදල් ගෙවා ඇති බව එම රූපවාහිනී සේවය පවසයි.

මෙම රූපවාහිනී නාලිකාව වැසීමට දින කිහිපයකට කලින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මාධ්‍ය නාලිකා පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබුනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.