රනිල් අධිකරණයේ කසළ තහනම ප්‍රශ්න කරයි

Ranil 223අධිකරණය විසින් කසල බැහැර කිරිම තහනම් කරමින් නියෝගයක් ලබාදිමෙන් සිදුවන්නේ ඩෙංගු ආදි විවිධ රෝග පැතිරි ජනතාව මරණයට පත්විම යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න අසන අවස්ථාවේදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා කුණු ඉවත් නොකිරිම සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය. එහිදි අගමැතිවරයා මෙසේද කීය.

නාගරික කසල බැහැර කිරිමට නිසි ස්ථානයක් නැහැ. ඒ නිසා ගැටලූ මතුව තිබෙනවා. මේ සඳහා ස්ථිර ස්ථානයක් යොදා ගැනිමට කටයුතු කරනවා. ඒ ඒ පළාතට සුදුසු ලෙස කසල කළමනාකරණයට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. යන්ත්‍රාණුසාරයෙන් කොම්පෝස්ට නිපදවිම සඳහා පළාත් නවයට යන්ත්‍රනවයක්, ප්‍රතිචක්‍රිය ව්‍යාපෘති විසි පහක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. කසල ප්‍රවාහනයට යන්ත්‍ර සියයක් ද කොරියානු සහනාධාර යටතේ තවත් වාහන එකසිය පනහක් ද මිළට ගැනිමට කටයුතු කරනවා.

රාජපක්ෂ පාලනය ණය කන්දක් වගේම කුණු කන්දක් ඉතිරි කළා. රාජපක්ෂලා වගේ අපි මේ ප්‍රශ්නවලට බයේ පැනලා යන්නේ නැහැ. ඉදිරි පරපුරට ණය බර නැති කුණු නැති හෙටක් උරුම කර දෙන්න අප කටයුතු කරනවා.

දැනට ෙදාම්පෙට, මුතුරාජවෙලට, කරදියානට කුණු ගෙනියනවා. මුතුරාජවෙල සමහර තැන්වලට කුණු දැමිමෙන් හානි සිදුවෙනවා. කරදියානට, මුතුරාජවෙලට කුණු දැමිම අධිකරණයෙන් තහනම් කරලා කුණු කොහොම හරි ශුද්ධ කරන්න අප කටයුතු කරනවා. දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ කුණු කරදියානට ගෙන යාමට ප්‍රශ්නයක් නැහැ. නමුත් කොළඹ, කොළොන්නාව, කඩුවෙල, බියගම, කැළණිය ආදි පළාත් පාලන ආයතනවලට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සම්බන්ධයෙන් අධිකරණයේ තියෙන නඩුවට තින්දුවක් නොදිම නිසා.

මුතුරාජවෙල කුණු දැමිම ගැන පරිසර අධ්‍යයනයක් කරගෙන යනවා. ඒ අතර උසාවියෙන් තිනුවක් දිලා තියෙනවා. උසාවි නියෝග දෙන්න ගියොත් කුණු ප්‍රශ්නය වැඩිවිය හැකියි. කුණු අඩු වෙන්නේ නැහැ. මේවා අත්‍යවශ්‍ය සේවා. ඒවාට කොහොමද නියෝග දෙන්නේ. තින්දුව දෙන්න කලින් අනෙක් පාර්ශවයත් කැදවා සාකච්ඡා කරලා තිරණයක් දීමේ වගකිම උසාවිවලට තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.