රනිල් ඉල්ලා අස්වෙන්න

ranil wickramasingheදැන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්‌විය යුතු බවට යෝජනා ඉදිරිපත්වෙමින් පවතී. මේ සඳහා ඉදිරිපත් වෙන ප්‍රධාන තර්ක දෙකකි.

පලමුවැන්න මහින්ද ගේ ආණ්ඩුවේ ජන මාධ්‍ය ලේකම්වරයා වූ චරිත හේරත් ගෙනි. ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ගැනක් කථා කරන රනිල් ආදර්ශයෙන් මග පෙන්විය යුතුය.

මේ එම සටහනයි.

මීට පෙර 2015 අපිට තුනෙන් දෙකක බලයක් පාර්ලිමේන්.ුවෙ තියෙද්දී වෙනත් ජනමතයක් ජනාධිපති ජන්දයෙන් ආව නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා අලුත් න්‍යායක් හදාගෙන කීවේ දැන් ජනමතය වෙනස් ඒ නිසා 56 ක පාර්ලිමේන්තු බලයක් තිබුනට ඔහුට අගමැති තනතුර ගන්න පුලුවන් කියල. ඒක තමයි නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල ඒ කාලේ යහපාලන බුද්ධිමතුන් එහෙමත් කීවෙ. දැන් ඒ තත්වයම ආයිත් ඇවිත් තියෙන්නේ. පැරනි ජනවරම ප‍්‍රතික්ෂේප වී අලුත් ජනවරමක් එමින් තියෙන්නේ. ඒ පරන න්‍යායයම තාමත් වලංගු නිසා මේ ප‍්‍රතිඵල කියල නිමා වෙන වෙලාව වෙන කොට අගමැති තුමා ඉල්ලා අස්වෙයි නේද?

දෙවෙනි අදහස වන්නේ රනිල් දුර්වල නායකයෙකි, එ නිසා අළුත් නායකයෙකුට ඉඩදී ඉල්ලා අස් වියයුතුය.

මේ අදහස ඉදිරිපත් කරන රවී සිරිවර්ධන

ජනතාව ජනවාරි 08 බලය දුන්නේ රනිල් වික්‍රමසිංට නොවේ…එහෙත් බලය පරිහරණය කළේ රනිල් ය…ඒ ජනවාරි 08 දේශපාලන අභිලාශයන් වෙනුවෙන් නම් නොවේ…ඔවුන්ගේ ගජ මිතුරන් පෝෂණය කිරීම වෙනුවෙනි…අවසානයේ මහබැංකු බැඳුම්කරය වැනි මහා මගඩි සඳහා දොර හැරුණි… …එය ඊට පෙර තිබූ රාජපක්ෂ පාලනයේම පිටපතකි…ජනයා තමන්ට නොදුන් බලයක් රනිල් අවභාවිත කළේ ජනවාරි 08 ජනතා අභිලාශ මුළුමනින්ම අමතක කරමිනි….මෛත්‍රී ඒ ක්‍රියාවලිය හමුවේ කවට කථිකයෙක් වූවා මිස ප්‍රායෝගික නායකයෙක් වූයේ නැත…රනිල් වික්‍රමසිංහ එජාපයට ජග්‍රහණයක් ලබාදිය හැකි නායකයෙකු නොවේ…පක්ෂය වහා නව නායකයෙකු පිළිබඳ කල්පනා නොකළ හොත් ඔවුනට දේශපාලන අනාගතයක් නැත. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂගේ බලකොටු ව වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සජිත් ප්‍රේමදාස වැන්නෙකු ලබා ඇති ප්‍රගතිය කැපී පෙනෙන්නක් බව කිව යුතුය…. දැන් තව වසර දෙකක දී ජනාධිපතිවරණයකට ඔහු යා යුතුය.එක්කෝ ඉතිර වසර දෙක තවත් විහිළු කතා ටිකක් කියමින් සිට චුත විය හැකි ය.නැතහොත් වැරදුන තැන් කඩිනමින් නිවැරදි කොටගෙන නව අගමැති වරයෙකු යටතේ මහ පොළවට බැස දේශපාලනය කළ යුතුය….කෙසේ නමුත් ජනවාරි 08 ජනතා අභිලාෂයන් අමතක කළ නායකයකු පිළිබඳ ජනතාව තුළ යළි විශ්වාසය දැල්වෙතැයි සිතිය නොහැක… ජනාධිපති වරණයක දී ජයග්‍රාහකයා තීරණය වනුයේ සුළු ජාතික පක්ෂවල වැඩි ආකර්ෂණය දිනා ගන්නා නායකයා මිස දකුණ පමණක් දිනන නායකයා අනුව නොවේ…2015 මහින්ද රාජපක්ෂ දකුණ දිනද්දී ජනාධිපතිවරණය පරදින්නේ එම යථාර්ථය අනුවය…මේ සියලු තත්වයන් අනාගත දේශපාලන මුහුණුවර තීරණය කිරීමට බලපානු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.