රනිල් කබ්රාල් ගේ අභියෝගය භාර ගනීද?

00564b7d09d047ed97627ccd5013cef4_L

තමාගේ යටතේ ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුවූ ගනුදෙනු හා ජනවාරි 08වැනිදායින් පසු මහ බැංකුවේ සිදුවු ගනුදෙනු ගැන සාකච්ඡා කිරීමට ප්‍රසිද්ධ සංවාදයකට පැමිණෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බව මහ බැංකවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ අද(20) කොළඹ  ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ  පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

පසුගියදා සිදුවූ බව කියන බැදුම්කර නිකුත් කිරිමේ අක්‍රමිකතාව ශ්‍රි ලංකාවේ දැනට සිදුවූ ලොකුම මංකොල්ලය බවද ඔහු පැවසීය.

වර්තමානයේ විදේශ සංචිත ප්‍රමාණය බිලියන 7කට වඩා අඩුවෙන් පවතින බවත් මේවන විට රුපියලේ අගයට සෑහෙන පීඩනයක් ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මේ රටේ මුදල් ගලා ගියාට පසු රුපියලේ අගය පීඩිනයට ලක්වී සංචිත නැති වී ඉතා දැවැන්ත අර්බුදයක් නිර්මාණය වන බවත් මෙම ප්‍රතිපත්තිවලින් ඈත්වී රටට ඔබින ප්‍රතිපත්ති හරහා කටයුතු කළ යුතු බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසී ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.