රනිල් කැරැල්ල පරාජය කරයි

ranilරනිල් වික‍්‍රමසිංහ නව ප‍්‍රබෝධයකින් යුතුව තමන්ගේ දේශපාලන ජීවිතයට අළුත් අරුතක් දීමට සූදානම් වෙමින් සිටී. ඊට ප‍්‍රධාන හේතු වන්නේ ඉදිරියේදී පැවැත්විය හැකි ජනාධිපතිවරණයයි. රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ ජූලි 22 වන දිනට වසර 40ක් සපිරේ. 1977 ජූලි 21 වන දින පැවැති මහ මැතිවරණයෙන් බියගම ආසනයෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික‍්‍රමසිංහ එදා මෙදා තුර නොකඩවාම පුරා වසර 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. මේ නිමිත්තෙන් හතලිහේ කැරැල්ල නම් වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට යෝජනා වී තිබුණත් කැරැල්ල යන වචනයට රනිල්ගේ අනුමැතිය ලැබී නැත. මේ නිසා හතලිහේ කැරැල්ල වෙනත් නමකින් දියත් කිරීමට නියමිතය. මේ අතර වාරයේ රනිල් වික‍්‍රමසිංහ බෞද්ධ ආගමට ලැදි නායකයෙක් වශයෙන් ප‍්‍රචාරය කිරීමටත් තීරණය වී ඇත. රනිල් වික‍්‍රමසිංහ පසුගියදා රුවන්වැලිසෑයේ නව ඉදිකිරීම් කිහිපයක් විවෘත කල අතර දේශපාලන ජීවිතයට පුරා වසර 40ක් සපිරීම වෙනුවෙන් දළඳා මාළිගාවේ විශේෂ පූජාවක් පැවැත්වීමටත් කටයුතු කරමින් සිටී. images

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.