රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට

 

 

Bas (1)

 

ලාංකික දෙමාපිය යුවලකගේ පුතෙක් වන රනිල් ජයවර්ධන එංගලන්ත මහ මැතිවරණයට ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැද ඡන්ද 35,573ක් ලබා ගනිමින් ඊට තේරී පත්ව ඇත.

කම්කරු පක්ෂයෙන් තරඟ කළ අමරාන් හුසේන් (Amran Hussain) ඡන්ද 5290 ක්ද රනිල් ජයවර්ධනට වර්ගවාදී තර්ජනයක් එල්ල කළ යුකිප් හෙවත් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයේ රොබර්ට් බ්ලේ (Robert Blay) හට ලබා ගනීමට හැකි වුයේ ඡන්ද 4732 කි.

අද, සිකුරාදා අලුයම හතරට ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කළ රනිල් ජයවර්ධන පැවසුවේ, “මෙය බ්‍රිතාන්‍යයට වැදගත් රාත්‍රියක් ඊටත් වඩා උතරු පලාතට වැදහත් රාත්‍රියක්, ” යනුවෙන්.

 

රනිල් ජයවර්ධන මහතාට සංක්‍රමණිකයන්ට එරෙහි බ්‍රිතාන්‍ය දේශපාලන පක්ෂයක් වන බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂයෙන් (United Kingdom Independence Party – UKIP) එම ආසනයටම තරග වදින ප්‍රතිවිරුද්ධ රොබට් බ්ල්යේ  ගෙන් දැඩි වර්ගවාදී විවේචනයක් එල්ල විය.

 

 

RANIL-FAMILY2(1)

 

 

රොබට් බ්ල්යේට  බ්‍රිතාන්‍යයේ වසර 400 ඉතිහාසයක් ඇති පෙළපතක් හිමි  බවත් රනිල් ජයවර්ධනගේ පරපුරට ඇත්තේ වසර 40ක ඉතිහාසයක් පමණක් බවත්, එහින් ඔහු වැනි සංක්‍රමණිකයෙක් බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට නොයැවිය යුතු බව කියා සිටියේය.ඔහුට  අනුව අනාගතයේදී දිනක බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැතිවරයා විය හැකි රනිල් ජයවර්ධනව මෙම මැතිවරණයෙන්ම පරාජය කළ යුතු බවත් එවැන්නෙකුගේ හිසට උණ්ඩයක් යැවීමට තමා පසුබට නොවන බවත් මාධ්‍යවේදියෙකුට පවසන ආකාරය දක්වන වීඩියෝවක් දැන් අන්තර්ජාලයට මුදාහැර තිබින.

තවද රනිල් ජයවර්ධනගේ ප්‍රථම දරු උපත පවා මෙම මැතිවරණය ඉලක්ක කර ප්‍රචාරක වාසියක් වශයෙන් සැලසුම්කර සිදුකල බවට චෝදනා කරන රොබට් බ්ල්යේ (Robert Blay), මැතිවරණයට මාස කිහිපයකට පෙර   1970 දශකයේදී ගණකාධිකරණය ඉගැනීමට එංගලන්තයට පැමිණි රනිල් ජයවර්ධනගේ පියා තමාට   මුණගැසුන බවත්, ඔහු ලංකාවේ දේශපාලන තත්වය නරක අතට හැරෙමින් තිබෙන නිසා 70 භාගයේදී බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට තීරණය කලබව ඔහුට කීයැයි එම වීඩියෝවේ දක්වයි. තවද ජයවර්ධනගේ දෙමළ යැයි ඔහුට කවුද කී බවත් ඉන්දියාවේ සිට සංක්‍රමණයවූ දෙමළ ජාතිකයන්ට ලංකාවේදී පස්සට ගසා එලවූ නිසා ඔහු එංගලන්තයට පැමිණියෙක් යැයි කරුණු හරිහැටි නොදැන හුදු වර්ගවාදය පතුරවමින් ඡන්දය ඉල්ලන රොබට් බ්ල්යේ (Robert Blay) කියා සිටින අයුරු එම වීඩියෝවේ දැක්වේ.

 

uk-1

 

 

 

රනිල් ජයවර්ධන, 1986 දී ඊසාන දිග හැම්ශේයර් (North East Hampshire) පළාතේම උපත ලබා ගමේ පාසැලින් මුලික අධ්‍යාපනය ද, ලන්ඩනයේ LSE (London School of Economics and Political Science) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධිය ද ලැබුවෙකි.

 

වෘත්තීයෙන් බැංකුකරුවෙක් වන ඔහු, තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී ඩේසි නම් සති කිහිපයක් වයස ඇති  දියණියගේ පියෙකි. පාසැල් සමයේ සිටම කොන්සර්වෙටිව් (Conservative) ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි, 2008 සිට බ්‍රිසින්ස්ටෝක් සහ ඩේන්  නගර සහාවේ උප නගරාධිපතිවරයාව ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් කල තැනැත්තෙකි.

බ්‍රිතාන්‍ය සමාජයට හොදින් අනුගතවූ රනිල්ටතැනැත්තෙකුට වර්ගවාදී විවේචන එල්ලවීම බ්‍රිතාන්‍ය සමාජයෙන් බහුතරයකගේ දැඩි විරෝධයට හේතුවී ඇති අතර රොබට් බ්ල්යේ  වහා අත් අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල ඉල්ලිමක්ද මතුව තිබේ. දැනටමත් බ්‍රිතාන්‍ය ස්වාධීන පක්ෂය  රොබට් බ්ල්යේ ගේ අපේක්ෂත්වය අත්හිටවා ඔහු ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇත.

 

 RANIL-FAMILY

දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතෙන 29 හැවිරිදි රනිල් ජයවර්ධන  ගේ  පියා නලින් ජයවර්ධන හොරණ අඟුරුවාතොට උපන්නේය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.

නලින් ජයවර්ධනගේ පියා හෙන්රි ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවී දේශපාලනයෙහි නිරත විය. හෙන්රි ජයවර්ධන වයස අවුරුදු 26 දී අඟුරුවාතොට ගම් සභාවේ සභාපති තනතුරට පත්වී වසර 20 කට වඩා කටයුතු කළේය. ඔහුගේ සෙවනේ හැදුන වැඩුන නලින් ජයවර්ධනද දේශපාලනය කෙරෙහි නිරායාශයෙන්ම ඇල්මක් ඇතිකර ගත්තේය. කුඩා කල සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට ඔහුද සම්බන්ධවී කටයුතු කර ඇත.

හෙන්රි ජයවර්ධන සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය කාලයේ බණ්ඩාරගම  ආසනයට නාමයෝජනා ඉල්ලා සිටි නමුත් නොලැබිණි. එම අවස්ථාව පළපුරුද්දක් නැති හර්බට් වික්‍රමසිංහට ලැබිණි.  වසර 20ක දේශපාලන පලපුරුද්දක් තිබූ තම පියාට පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීමේ අවස්තාව ලබා නොදීම නිසා තරුණ නලින් ජයවර්ධනට ලංකාවේ දේශපාලනය එපා විය.

පසු කලෙක එජාප රජයක් පවතී කාලයේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවටත් ගුවන් හමුදාවටත් බැඳීමට ගත් උත්සාහයද සුදුසුකම් තිබියදීත්,දේශපාලන හේතු  මත  අසාර්ථක වී ඇත.

ඔහු එංගලන්තයට එන්නේ ඉන් පසුවය.

ලන්ඩන් නුවරදී ගණකාධිකරණය හැදෑරු ඔහු පසුව වෙස්මින්ස්ටෙර් විශ්ව විද්‍යාලයෙන්  බී ඒ උපාධියක් දිනා ගත්තේය.

ඔහු දේශපාලන කටයුතු වලට සම්බන්ධ විය. ලොයිඩ්ස්  බැංකුවේ ජේෂ්ඨ කළමනාකරු ලෙස රැකියාව කළේය.

දැනට ඔහු ජේෂ්ඨ මහේස්ත්‍රාත්වරයකු ලෙස සේවය කරයි.

හැම්ප්ෂයර්  නගර සභාවට ඔහු කොන්සර්වෙටිවේ පක්ෂයෙන් තරඟ කළේය.

රනිල් ජයවර්ධන ඔහුගේ වැඩිමහල් පුතාය. නලීන් ජයවර්ධනට තුෂානි ජයවර්ධන නමින් දියණිය ද රවීන්ද්‍ර ජයවර්ධන නමින් බාල පුතෙක් ද සිටිති.

බිරිඳ ඉන්දිරා ජයවර්ධනයි. ඇය පාසල් පාලිකාවකි. තුෂානි දියණිය දැනට රැකියාවක නිරතව සිටී. පොඩි පුතා රවීන්ද්‍ර ලන්ඩන් නුවර ආර්ථික හා දේශපාලන විද්‍යාව පිලිබඳ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

RANIL

 

ගෙදර නිතර දෙවේලේ දේශපාලනය කතාබස් කළ නිසා ලොකු පුතා රනිල් ජයවර්ධන වයස 11 සිටම දේශපාලනය පිලිබඳ උනන්දුවක් ඇතිකර ගත්තේය.

තම පාසැල් සමයේ පෙම්වතිය වූ ඉංග්‍රීසි ජාතික ඇලිසන් හා විවාහ වී සිටී. ඔවුනට ඩේසි ජයවර්ධන නම් සති කිහිපයක් වයසැති දියණියක් ඇත.

පාසල් සමයේ සිටම කොන්සර්වෙටිව් පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙස නමක් දිනා සිටි ඔහු 2008 සිට බ්‍රේසින්ස්ටෝක් සහ ඩේන් නගර සහාවේ උප නගරාධිපතිවරයා ලෙස ප්‍රදේශයේ සහ ප්‍රජාවේ දියුණුව වෙනුවෙන් ලොකු සේවයක් කළේය.

මාර්ගරට් තැචර් අගමැතිව සිටි අවධියේ රනිල් ජයවර්ධනට නගර සභාව සඳහා කොන්සර්වේටිව් පක්ෂයෙන් තරග කිරීමේ අවස්තාව ලැබිණි.

පසුගිය වසර 8  දීම ඔහු නාගරික මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කර ඇත.

පවුලේ සියලුදෙනාම නිරන්තරයෙන් ශ්‍රී ලංකාව ගැන ලොකු ඇල්මක් ඇති බව නලින් ජයවර්ධන කියයි.

නිහතමානි ගුණ ගරුක මිත්‍රශීලී තරුණ චරිතයක් වන රනිල් ජයවර්ධනට බ්‍රිතාන්‍ය දේශපාලනයේ දිගු ගමනක් යාහැකිබව බොහෝදෙනා කියති.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.