රනිල් තනි අලියා පිටේ ජනාධිපතිවරණයට

ranil-wickramasingheරාජපක්ෂ වරුන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතවරයා විසින් එක්සක් ජාතික පක්ශ පාර්ශවයට දැඩිව දෝෂාරෝපණය කිරීමෙන් පසුව ඇතිවී තිබෙන ඉරි තැලීමෙන් අනතුරුව මීළඟ ජනාධිපතිවරනයේදී රනිල් වික්‍රමසිංහ ස්ථිරවම ජනාධිපති අපේක්ෂක තනතුරට ඉදිරිපත් විය යුතු බව පක්ෂයේ ඉහළ පෙළ නායකත්වය තීරණය කොට තිබේ.

එහෙත් හැකි තාක් දුරට සහයෝගයෙන් සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන ගොස් අවසන් මොහොතේ සාමකාමිව වෙන් වී ය යුතු බවක් එක්සත් ජාතික පක්ෂය කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. වෙනස් කම් සමනය කර ගැනීමේ අරමුණින් මලික් සමරවික්‍රම,මංගල සමරවීර, කරු ජයසුරිය අගමැති රනිල් රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපතිවරයා මුන ගැසී ඇත. මෙගිදී සිදුවුයේ කුමක්ද යන්න දැනගන්නට නැත.

සංගීත සංදර්ශනයක්

රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන ජීවිතයට හතලිස් වසරක් පීරීම නිමිත්තෙන් දැවැන්ත සංගීත සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පක්ෂයේ ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිල්ටන් හෝටලයට කැඳවූ අගමැතිවරයා පවසා ඇත්තේ මේ වසර අගදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට සියළු දෙනාම සුදානම් විය යුතු බවයි. අනෙක් අතට ජනාධිපතිවරයා සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ පවත්වාගෙන යන ඇයි හොඳයිය දික් වන තරමට තමන්ට අවාසි වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!