රනිල්-රවි තීරණවලට ජනපති ගෙන් අභියෝගයක්

maithripala-ranilමින් ඉදිරියට ආණ්ඩුව ගනු ලබන ආර්ථිකමය වැදගත්කමක් ඇති සියලු තීන්දු තමන්ගේ සහ අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ක්‍රියාත්මක නොකළ යුතු යැයි ජනාධිපතිවරයා ආණ්ඩුවේ ආර්ථික කළමනාකරන කමිටුවට දැනුම් දී තිබේ.

විශේෂයෙන් රජයේ ආර්ථික කළමනාකරණ කමිටුව විසින් ගනු ලබන තීන්දු තමන්ගේ අනුමැතිය සඳහා දෙසතියක් තුළ යොමුකළ යුතු බවටද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

ජාතික සංවර්ධනය, නව ආයෝජන ව්‍යාපෘති, රජයේ ආදායම් උත්පාදනයට අදාළ බදු භෝජනය ඇතුළු වැදගත් තීරණ පසුගිය කාලයේ මූලික වශයෙන් ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ආර්ථික කවුන්සිල රැස්වීමේදීය. ශ්‍රී.ල.නි.ප.යේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ගණනාවක්ද ඊට ඇතුළත් වෙති.

එහෙත් පසුගිය කාලයේ මෙම කමිටුව විසින් ගන්නා ලද තීරණ පිළිබඳව ජනාධිපතිවරයා පූර්ව දැනුම්වත්වීමක් නොමැති බවට රජයේ දේශපාලන උපදේශකයන් ජනපතිවරයාට දැනුම් දීමෙන් පසු ඔහු මෙම තීරණයට එළඹ ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.