රනිල් ලුම්බිණිය රැකගැනීමට පෙරමුණ ගනී

Ranil Wickramasinghe”රට වටේ ගොස් බොරුවට අණ බෙර නොගැසුවාට සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සඳහා සැබෑ ලෙසම කැපවී කටයුතු කරන්නේ යහපාලන ජාතික රජය යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගල්නෑවේදී පැවැසීය.

”සිංහල ජනතාවගේ නිජ භූමිය වන මල්වතු ඔය ආශ‍්‍රිත ප‍්‍රදේශ සශ්‍රීක කිරීම සඳහාත් මෙරට බෞද්ධයන්ගේ ආරම්භක ස්ථානය වූ මහා විහාරයේ කැණීම් කටයුතු කර සියල්ල සුරක්ෂිත කරලීමත් මේ වනවිට අරඹා තිබෙන්නේ යැයි” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් සඳහන් කළේය.

ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා. ශ්‍රී ලංකාවෙනුත් ඔවුන් සහාය ඉල්ලා තිබෙනවා. ඒ නිසා ජනපති සහ මා සාකච්ඡ කර කැණීම් කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දීමට තීරණය කළා.

ලූම්බිණිය සහ කපිලවස්තුපුර කැණීම් කටයුතු මේ වනවිට කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවේත් ඒ වැඩ කරන මහාචාර්ය රොබින් කනින්හැම් මැතිතුමා විසින් ලූම්බිණියේ මායාවතී විහාරස්ථානය හඳුනාගෙන තිබෙනවා. එහි කැණීම් කටයුතු සඳහා නේපාල රජයට ජපානයත් ආධාර කරනවා. කැණීම් කටයුතු සඳහා පළමු අදියර වශයෙන් 2018-2019 වසර වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් ශ්‍රී ලංකාව දෙනවා. ලූම්බිණියේ සහ කපිලවස්තුපුර වැඩ කටයුතු විය යුත්තේ කෙසේදැයි ඒ අය තීරණය කරාවි. කපිලවස්තු පුරයට යුනෙස්කෝ සංවිධානයේ පිළිගැනීම ගැනීමට දැන් ක‍්‍රියා කරගෙන යනවා. යැයි අගමැතිවරයා පැවසීය .lumbiniya

කනින්හැම් පර්යේෂණ

1978 වසරේ දී නේපාල රජය විසින් ලූම්බිණි පුදබිම ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට ලක් වන ස්ථානයක් ලෙස ලෝකපූජිත ව්‍යාපෘතියක් දියත් කරන ලදී. 1997 වසරේ දී යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) මඟින් ලූම්බිණිය ලෝක උරුමයක් ලෙස නම් කෙරිණි.

බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මක සාක්ෂි තුළින් සනාථ කිරීමේ උත්සාහයක නියැලෙමින් කලක් මුළුල්ලේ ගවේෂණයන්හි නියැළුන, එංගලන්තයේ ඩර්හැම් සරසවියේ උපකුලපති, පුරාවිද්‍යා අංශාධිපති මහාචාර්ය රොබින් කනින්හැම් ප‍්‍රමුඛ පහළොස් දෙනෙකුගේ කණ්ඩායමක් වසර තුනක් පුරා ලූම්බිණියේ මායාදේවි විහාරය තුළ කැණීම් කටයුතුවල යෙදුණේ නො මඳ අපේක්ෂාවන් සහිතව ය. වසරකට දෙලක්ෂ පණස්දහසක් පමණ වන විදේශිකයන්ගේ ද පන්ලක්ෂ හතළිස්දහසක් පමණ වන ස්වදේශිකයන්ගේ ද වන්දනාමානයට පාත‍්‍ර වන මේ පුදබිමේ සිදු කරන ගවේෂණයන් බැතිමතුන්ට අපහසුතා ඇතිනොවන ආකාරයට මහත් ඉවසීමෙන් යුතුව සිදුකළ යුතු විණි. එහෙත් 2013 වසරේ ඉල් මාසයේ අග භාගය වනවිට ඔවුහු ඒ නො මඳ කැපවීම්වල ද ඉවසීමේ ද අමිල ඵල නෙළා ගත්හ.

මායාදේවි විහාරයේ මධ්‍යයෙන් ආරම්භ කළ ඔවුන්ගේ කැණීම්වලින් සොයාගන්නට ලැබුණේ දැනට නටඹුන්ව ඇති ගඩොලින් කළ ඉදිකිරීම්වලට පෙර මෙම ස්ථානයේ දැවයෙන් කළ, පියස්සක් රහිත ඉදි කිරීම් පැවති බවයි. මධ්‍යගත ව්‍යුහයක් සහිත යම් අවකාශයක් ආවරණය වන පරිදි වැටක් ආකාරයෙන් කළ දැවමය ඉදිකිරීමක සාධක එහි ඉස්මතු විණි.
ගඩොල් ආවරණයට පහතින් වූ කහ මැටිවලින් සමන්විත ස්තරයේ කණු සිටවූ සිදුරු හයක් ද ඒ සිදුරුවල පැවති දැවී ගිය අඟුරු ද සොයාගැනීමට ගවේෂකයෝ සමත් වූහ. මේ අඟුරු කාබන් කාලනිර්ණයට බඳුන් කිරීමෙන් පසුව ස්ථිරව ප‍්‍රකාශ කෙරුණේ මෙම දැව කොටස් ක‍්‍රි. පූ. පස්වන සහ හත්වන සියවස් අතර පැවති ඒවා බව ය. එනම් මෙම දැව ආවරණය ඉදි කර ඇත්තේ ක‍්‍රි. පූ. හයවන සියවසේ පමණ ය. එසේ ම දැව ආවරණය සහිත වූ ප‍්‍රදේශය අවට පසේ දකින්නට ලැබෙන රැළි සහිත, තරංගාකාර පාංශු රටාවන් නිසා ඒ පසෙහි ගසක මුල් ගමන් කර ඇති බව පැහැදිලි වී ඇත. එනම්, මේ දැව නිර්මාණය කිසියම් වෘක්ෂයක් මැදි කොට, බෝධිඝරයක් මෙන්, පියස්සක් රහිත ව ක‍්‍රි. පූ. හයවන සියවසේ ඉදි වූවකි.

බෞද්ධ ඉතිහාසය පිළිබඳ වෘත්තාන්තය ද බෞද්ධ ඉදිකිරීම් පිළිබඳ පුරාවිද්‍යාව ද සමපාත වී මේ යොමුවන්නේ එකම කාරණාවක් දෙසට ය. එනම් බෝසත් කුමරුන් මනුලොව උපත ලද මොහොතේ බෝසත් මවට උපකාරී වූ සාල වෘක්ෂය නිශ්චිතව ම මේ ස්ථානයේ පිහිටි බවත්, සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී ම ඒ සාල වෘක්ෂය ආරක්ෂා කෙරෙන ඉදිකිරීම් සිදු වී ඇති බවත්, එසේ ම නිසැක වශයෙන් ම සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ ක‍්‍රි. පූ. හයවන සියවසේ දී බවත් ය…
මේ බුද්ධභූමීන් වන්දනා කළ චීන ජාතික ෆාහියන් ස්වාමීන් වහන්සේගේ (ක‍්‍රි. ව. 405 – 411) සහ හා චීන ජාතික හියුංසියැං ස්වාමීන් වහන්සේගේ (ක‍්‍රි. ව. 629 – 646) ලිඛිත සටහන්වලින් තහවුරු කෙරෙන්නේ උන්වහන්සේලා ලූම්බිණිය වන්දනා කරන සමයේ මේ පූජනීය වෘක්ෂය එහි ජීවමානව තිබූ බව ය. එසේ නම් ධර්මාශෝක අධිරාජයා එහි පැමිණෙන විට ද බෝසත් උපත සිදු වූ සාල වෘක්ෂය එහි පවතින්නට ඇත. එසේ නො වුණා නම් ඔහු ටැම් ලිපිය පිහිටවිය යුතුව තිබුණේ සාල වෘක්ෂය පැවතියේ යැයි විශ්වාස කළ තැනක ය. එහෙත් සාල වෘක්ෂයත්, ඒ වටා නටඹුන් වූ බෝධිඝරයත්, වෙනත් ගෘහ නිර්මාණත් එහි ජීවමානව වූ නිසා ඒ සියල්ල මඟ හරවා මඳක් එපිටින් වන්නට ‘සම්බුදු උපත සිදු වූ ලූම්බිණිය මෙය ය’යි සනිටුහන් කොට ඔහු ශිලා ස්තම්භය පිහිටවූ බව නිසැක ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.