රනිල් වැඩ කරන්නේ ඊර්ෂියාවෙන් -දයාසිරි

දයාසිරිගෙන් රනිල්ට දෝස්මුරයක් (VIDEO)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බව පැවසුවද බලයට පත් වී සති 3කින් එම ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරන බවත් මෙම කතා ඊර්ෂියාව වෙනුවෙන් කරන ක්‍රියාදාමක් බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) පැවති රැස්වීමකදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළ කරමිනි.

ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා දුටු එහි අහිතකර ප්‍රතිඵල වර්තමානයේ ඔහුට නොපෙනී ගොස් ඇති බව ය.

“අර අලුත් නගරේ හදන වැඩපිළිවෙල. මේක මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාවා. ගෙනල්ලා වැඩපිළිවෙල පටන් ගත්තා.රනිල් වික්‍රමසිංහ මහත්තයා පාරවල් දිගේ කිය කිය ගියා මේක වැල්ලවත්තෙන් මුහුද ගොඩගලනවා කිව්වා.ඊළඟටමේ අනෙක් පැත්තෙන් වත්තල පැත්තෙන් මුහුද ගොඩගලනවා කිව්වා. පරිසරය ඉවරයි කීවා. මේක නතර කරනවා කීවා. මෙන්න දැන් සති 3ක් විතර ගියාම කියනවා ආපහු මේක ක්‍රියාත්මක කරනවා කියලා. මේක ඊර්ෂියාව වෙනුවෙන් කරන ක්‍රියාදාමක්.“ යැයි මහ ඇමතිවරයා සඳහන් කළේය.

 

[vsw id=”/PQA96okwrh0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.