රනිල් හොරු අල්ලන්න කම්මැලිද?

ranil wickramasinghe“ලොක්කා මල්වතු පාර්ශවය බේරා ගන්න හදනවා ඊට ඉස්සෙල්ලා පක්ෂය බේරා ගන්න ඕනේ” යැයි අගමැතිවරයා සහ පුරවැසි බලය නියෝජිතයන් අතර පැවති හමුව හමාර වූ පසු එළියට පැමිණි සිවිල් සමාජ ක්‍රියාධරයෙක් පැවසීය.

අස්ගිරිය සහ දේශපාලන කණ්ඩායම් කිහිපයක් එක්ව මේ දේශපාලන රැල්ලක් ගෙන යන්නේ අන් කිසිවකට නොව මල්වත්තේ පාර්ශවය දෙකඩ කිරීමට යැයි අගමැතිවරයා හෙළි කළේය. ලංකාවේ පන්සල් වලින් සියයට 80 ක් පමණ අයත් යටත් විජිත යුග වලදී පවා කිසිවෙකුට යටත් නොවී ස්වාධීනව බුද්ධාගම රැක ගැනීමට ක්‍රියා කළ මල්වතු පාර්ශවය බේරා ගත යුතු බවද අගමැතිවරයා කීවේය. සමාජ ක්‍රියාධරයා ගේ කමෙන්ටුවට හේතු වුනේ හොරු ඇල්ලීමට ඇති උකටලී බවයි.

වෙනම අධිකරණ
පසුගිය සමයේ සිදු කරන ලද ඝාතන සහ සොරකම් දූෂණ සම්බන්ධයෙන් නඩු කර්තව්‍යයන් පමා වීම ගැන පුරවැසි බලයේ නියෝජිතයන් ප්‍රශ්න කළ අතර ඔවුන් සැමදාම ඉදිරිපත් කරන කාරණයක් වූ මේවා විසඳීම සම්බන්ධයෙන් වෙනම අධිකරණ එකක් හෝ දෙකක් ආරම්භ කරන්නැයි යළිත් ප්‍රතිරාව කළහ.

මෙම ඉල්ලීම දැන් පස් වතාවකදී ඉදිරිපත් කොට ඇති බව පුරවැසි බලයේ සමන් රත්නප්‍රිය අගමැතිවරයාට පැවසීය. ඊට පිලිතුරු දෙමින් අගමැතිවරයා කීවේ තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවයි.

ජනාධිපතිවරයා සමග අලුතින් සාකච්ඡා කිරීමට දෙයක් නොමැති අතර තමන් මේ ගැන ජනාධිපති සමග කිහිප වතාවක්ම සාකච්ඡා කර ඇති බවත් ඔහු එවැන්නකට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් පුරවැසි බලයේ ගාමිණී වියන්ගොඩ මහතා අගමැතිවරයාට පෙන්වා දුන්නේය.
එහෙත් අගමැතිවරයා ගේ ප්‍රතිචාරය වෙනස් නොවීය.

අගමැතිවරයා යලි කියා සිටියේ එවැන්නකදී විනිසුරුවරුන්ගේ හිඟයක් ඇති වන බවයි. ඊට පිළිතුරු දෙමින් පුරවැසි බලයේ ජේ.සී.වැලිඅමුණ ජනාධිපති නිතිඥවරයා කියා සිටියේ එවැනි විනිසුරු හිඟයක් ඇති නොවන බවත් විනිසුරු ධූරයන්ට සුදුසු නීතිවේදීන් අනන්තවත් ලංකාවේ සිටින බවයි. ලංකාවට ෆීජි රටට දීමට තරම් විනිසුරුවරුන් සිටින බව වැලිඅමුණ පෙන්වා දුන්නේය. අගමැතිවරයා යළිත් පැවසුවේ මේ ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවයි.

ආත්ම විශ්වාශය
මෙම රැස්වීමට සහභාගි වූ සමාජ ක්‍රියාධරයා පැවසුවේ අගමැතිවරයා හොරු සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අනුමත නොකලත්
දැඩි ආත්ම විශ්වශයකින් යුතුව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බව පැවසීය. lankanewsline සමඟ පැවැත්වූ සංවාදය හමාර කළ සමාජ ක්‍රියාධරයා පැවසුවේ ‘රනිල් විවේචනය කරන කොට එකක් මතක තියා ගන්න ඕනේ, එතුමාට වැඩ කරන්න වෙලා තියෙන්නේ නිදහසෙන් පස්සේ බිහිවුනු වඩාත්ම ප්‍රජතන්ත්‍රවාදී විරෝධී විපක්ෂයත් එක්කයි කියන එක’ යන්නයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.