රනිල් හොරු සමග – විපක්ෂය

ranil-wickramasinghe-cමහ බැංකු බැදුම්කර වංචාව යටපත් කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ කටයුතු කල හෙයින් ඔහු සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපති කොමිසමක් පත්කල යුතු බව කෝප් කමිටුවේ හිටපු සභාපති මෙන්ම හිටපු ඇමතිවරයෙක් වන කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර කියා සිටියි. රනිල් වික‍්‍රමසිංහ දැන් කරන්නේ මේ ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරවා හැකි තරම් කල් යැවීම බවයි ඩිව් ගූණසේකර කියා සිටින්නේ. රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාට දැඩි පීඩනයක් එල්ල කිරීමට සිරස මාධ්‍ය ජාලය කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. වාසුදේව නානායක්කාර, ආතාවුද සෙනවිරත්න, බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් විපක්ෂ නායකයින්ගේ ප‍්‍රකාශ ඉදිරිපත් කොට රනිල් වික‍්‍රමසිංහගේ පරිපාලනය සම්බන්ධයෙන් හෝ ඔහු යහ ආණ්ඩුකරණය ය පිළිබඳව පවසන කිසිත් විශ්වාස කල නොහැකි බව සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ප‍්‍රචාරය කෙරිණ. ඉදිරි දින කිහිපය තුලදී මෙම පීඩනය තවත් වැඩිවන බවක් දක්නට හැකිවනු ඇත. අනෙක් අතට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මේ සම්බන්ධයෙන් පියවර නොගත හොත් ඔහු කෙරෙහිත් මෙම පීඩනය යොමුවීමට ඉඩ තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!