රඹුක්‌පොත හමුදාපති තනතුරට

 

නව යුද හමුදාපති වශයෙන් මේජර් ජෙනරාල් ජගත්ප්‍රිය චන්ද්‍රලාල් රඹුක්‌පොත  පත්කර ඇත. හෙතෙම ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපති වශයෙන් මෙම 22 වැනිදා වැඩ භාර ගනී.

 

ගම්පහ ඉඹුල්ගොඩ උපත ලබා බණ්‌ඩාරවෙල සාන්ත තෝමස්‌ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදැරූ මේජර් ජෙනරාල් රඹුක්‌පොත 1980 අගෝස්‌තු 11 වැනි දින බඳවාගැනීමේ අංක 14 යටතේ කෙඩෙට්‌ නිලධාරියකු ලෙස යුද හමුදාවට බැඳී තිබේ. 1982 පෙබරවාරි 21 වැනිදා කාලතුවක්‌කු රෙජිමේන්තුවේ දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්විය.

 

ඉන්දීය ආරක්‍ෂක විද්‍යාලයේ එන්. ඩී. සී. පාඨමාලාව සහ ඉන්දීය වෙලින්ටන්හි පී. එස්‌. සී. පාඨමාලාව හැදැරූ හෙතෙම මදුරාසි විශ්වවිද්‍යාලයේ විද්‍යාපති සහ දර්ශනපති උපාධිධාරියෙකි.

 

කාලතුවක්‌කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 514, 516 බලසේනාධිපති, කාලතුවක්‌කු බලසේනාධිපති, 56 වැනි සේනාංකාධිපති, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥපති වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් රඹුක්‌පොත සපුගස්‌කන්ද අණ හා මාණ්‌ඩලික විද්‍යාලයේ සේනා විධායක වශයෙන් ද කටයුතු කර තිබේ. යුද හමුදා මූලස්‌ථානයේ යුද උපකරණ ජනරාල් වශයෙන් ද කටයුතු කළ හෙතෙම ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්‌ඩලික ප්‍රධානී හා කාලතුවක්‌කු රෙජිමේන්තු අධිපති වශයෙන් දැනට කටයුතු කරයි. රණශූර හා උත්තම සේවා පදක්‌කම් ලාභියකු වන රඹුක්‌පොත මහතා යුද හමුදාවේ සිටින දක්‍ෂ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.


Rambukpotha new army chief 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.