රයන් පැහැර ගැනීමට උත්සාහය – සුදු වෑන් සංස්කෘතියේ සෙවණැලි

rayan jayalathවෛද්‍යපීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ ආකාරය හෙලා දැකීමට වැඩි වේලාවක් ගත කළ යුතු නැත. පොලීසිය තවමත් සුදු වෑන් සංස්කෘතියේ සෙවණැලි නද ජීවත් වෙන බව මේ සිදුවීමෙන් පෙනේ.

මේ සිද්ධියේ දී පොලිසිය අතින් රාජකාරි අතපසුවීමක් හෝ වැරැද්දක් සිදුව ඇතිද යන්න සොයා බැලීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ඇත්ත වශයෙන්ම මේ පිළබඳව වහාම පොලිස්පතිවරයා ප්‍රකාශයක් කළ යුතුව ඇත.

 

කල්ලී කණ්ඩායම්

සිසුවෙක් මහ මග ගමන් කරමින් සිටියදී පොලිස් සලකුණු නොමැති වාහනයකින් හඹා ගොස් ඔහුව පැහැර ගැනීමෙන් සිදුවන්නේ විවිධ කල්ලී කණ්ඩායම් වලට ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දීමයි. අනෙක් අතට එම කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව වගකීම පැවරෙන්නේ ආණ්ඩුවේ ගිණුමටයි.

මේ අවස්ථාවේදී මුදල් අමත්‍යංශයේ වාහනයකින්ව පැමිණ පැහැර ගැනීම කළ බවට පැතිරුණ දුෂමාන ආරංචි නිවැරදි කිරීම පැවරුනේ මංගල සමරවීර ඇමතිවරයාටයි. කුණු වැඩ කරන්නට ඉද දුන් විට ඒ කුණු තමන්ගේ ඇඟ මතටත් කඩා වැටෙන බව ආණ්ඩුව දැන ගත යුතුය.

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීම පොලිසිය එම ස්ථානයට ගියේ පසුගිය ජුනි මස 21දා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ පැවැත්වෙන නඩුවකට අදාළව බවත් ඔහු පොලිසියට අවශ්‍ය කරන සැකකරුවකු හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නොවන බවත් රුවන් ගුණසේකර මහතා පවසයි.

 

ශිෂ්ට සම්පන්න ක්‍රම

රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ යේ නම් මීට වඩා ශිෂ්ට සම්පන්න ක්‍රම ඇති බව රුවන් ගුණසේකර මහතාට වැටහී නොයෑම අරුමයකි. මෙම සිද්ධියට අමතරව රයන් ජයලත් ට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ඇති බවත් අධිකරණ නියෝග නොතකා විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් කොල්ලූපිටිය පොලිසිය මොහුට විරුද්ධව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ (බී 3049) අදාල නඩුවට කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුක් කර ඇති බවත් පොලිස් ආරංචි පවසයි.

ප්‍රශ්නය වන්නේ මේ වරෙන්තුව ශිෂ්ට සම්පන්න ආකාරයකට ක්‍රියාත්මක නොකොට පොලීසිය මෙතෙක් කල් ‘බම්බු ගැසුවේද’ යන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.