රවිට පල නොකියා පලා බෙදේ – කැබිනට් පත්‍රිකා තුනක් ප්‍රතික්ෂේප වේ

Ravi Karunanayakeවිදේශ ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් පෙරේදා (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වී තිබිණි. නිල නිවස ලෙස භාවිත කිරීමට විසුම්පාය ලබා ගැනීම, විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් අලුතින් ඇති කිරීම සහ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයෙන් පාලනය කෙරෙන වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සමාගමට පැවරීම යන කැබිනට් පත්‍රිකා තුනට කැබිනට් මණ්ඩලයේදී විරෝධය එල්ල වී ඇත.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කළ බව හෙළිදරව්‍කළේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්නයි. විශේෂයෙන් රුපියල් ලක්ෂ දෙකක වැටුපට කාර්ය මණ්ඩල ප්‍රධාන තනතුර පිළිබඳව යෝජනාව ඉදිරිපත් වෙද්දී ජනාධිපතිතවරයා පවසා ඇත්තේ මෙයට ඉඩ දුන හොත් එය නරක පුර්වාදර්ශයක් විය හැකි බවයි.

සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කළ කැබිනට් පත්‍රිකා පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්නේ නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.